බංග්ලාදේශ විපක්ෂ නායකයකු පොලිස් අත්අඩංගුවට

74

බංගලාදේශ රජයට එරෙහිව එරට ඩකා අගනුවර පෙරේදා (29දා) පැවති උද්ඝෝෂණවලට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ බංග්ලාදේශ විපක්ෂ නායකවරයකු වන මීර් සා ෆක්රුල් ඉස්ලාම් අලම්ගිර් ඇතුළු ඔහුගේ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසක් පොලිසිය විසින්

අත්අඩංගුවට ගෙන තිබේ. බංග්ලාදේශ් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වන මීර්සා පෙරේදා ඩකා නගරයේ විරෝධතාකරුවන් දසදහස් ගණනකගේ සහභාගිත්වයෙන් පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයකට සහභාගි වෙමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. බංග්ලාදේශ් අගමැතිනි ෂික් හසිනා වජිඩ් හට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බල කිරීම සඳහා මෙම උද්ඝෝෂණය පැවැත්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment