පකිස්ථාන නිදහස් දිනය කාශ්මීරයට කළු දිනයක්

185

පාකිස්ථානයට නිදහස ලැබී අගෝස්තු මස 14 වැනිදාට වසර 76ක් සමරනු ලැබූ දිනය පකිස්ථාන ආක්‍රමණයට යටත්ව ඇති කාශ්මීර දේශයේ තරුණයින් කළු දිනය ලෙස සමරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලුකිස්තානයේ ජනතාව ද එදින කළු දිනය ලෙස සමරනු ලැබූ බව සදහන් කරයි. ඔවුන් සිය නිදහස් දිනය ලෙස සමරනු ලබන්නේ අගෝස්තු මස 15 වැනිදාය. එදින ඉන්දියාව නිදහස ලැබූ දිනය වේ. මේ වනවිට කාශ්මීරයට සහ බලුකිස්ථානයට එල්ල වන පකිස්ථාන හමුදා බලපෑම් වැඩි වී ඇතැයි වාර්තාවේ. පකිස්ථාන හමුදාවට විරෝධය පළ කරන විවිධ දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමද ඉහළ යමින් පවතින බව ද සදහන් කරයි.පකිස්ථාන ආක්‍රමණයට යටත්ව ඇති කාශ්මීරයේ සියලු රාජ්‍ය ආයතනවල අගෝස්තු 14 වැනිදා පකිස්ථාන ධජය ඔසවන ලෙස පාකිස්ථානයට ලැදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද සිදු කර ඇත. මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංධාන ප්‍රඥාප්තියට පටහැනි බව සහ කාශ්මීරයේ ස්වාධීනත්වයට බලපෑමක් බව පෙනේ.කාශ්මීරය ඉන්දීය ස්වාධීනත්වයට යටත් ප්‍රදේශයක් බව සඳහන් වෙයි. 2019 වසරේ දී ඉන්දියාව විසින් ජම්මු හා කාශ්මීර ප්‍රදේශ වලට විශේෂ ප්‍රාන්ත හිමිකමක් ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment