දරුවා විළාප තබද්දී මවට අතවර කරලා

942

නිවස බිඳ ගෙහිමි තරුණ එක් දරු මව දූෂණය කර රන් භාණ්ඩ හා මුදල් සොරකම් කිරීමේ චෝදනා මත සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පැය 24 ක් ඉක්මයෑමටත් පෙර අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසිය සමත්ව තිබේ.

රුපියල් ලක්ෂ තුනක රන් භාණ්ඩ හා රුපියල් 7000ක මුදල් දික්වැල්ල, වත්තේගම ප්‍රදේශයේ එම නිවසින් සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.

හඳුනාගෙන ඇති අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් අරඹා තිබේ. අළුයම් කාලයේ පිටුපස දොර කඩාගෙන නිවසට ඇතුළු වී ඇති සැකකරුවන් අවුරුදු 6ක් පමණ කුඩා දරුවා විළාප ගසා හඬද්දී කාමරකට දමා සිරකර මව සාලයට රැගෙන මරණ බවට තර්ජනය කර අතවර කර ඇත. අපරාධ අංශයේ ස්ථානාධිපති මදුරංග මහතාට පෞද්ගලිකව ලැබු තොරතුරක් හා සීසීටීවි කැමරා දර්ශන උපයෝගී කරගෙන මෙම ‘හොර සමන්ත’ යන අනුවර්තන නාමයෙන් හඳුන්වන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අකුරුබැවිල ජයනෙත්තිගම සුනාමි ගම්මානයේ පදිංචි 43 හැවිරිදි සැකකරු (16 ) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මාතර 04 සහකාර පොලිස් අධිකාරි කේ. එල්. එස්. නිශාන්ත මහතාගේ මගපෙන්වීම පරිදි දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්. එස්. මදුරංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (62132) තිලකරත්න, කාන්තා සැරයන් (1616) විනීතා, පොලිස් කොස්තාපල් (87838) ප්‍රදීප්, (13289) නන්දසිරි, (91162) දුලාජ්, (99352) සහන්, (99354) උදේශ්, (4051) ධම්මික යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගෙන හඳුනාගෙන ඇති අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට හා මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

නිමල් හේමසිරි – රදම්පල

advertistmentadvertistment
advertistmentadvertistment