කටුගස්තොට ජම්බුගහපිටිය පාරේදී තාත්තයි දුවයි වෑන් මාරයට බිලි

276

කටුගස්තොට නවයාලතැන්න ජම්බුගහපිටිය මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක 47 හැවිරිදි පියකු සහ ඔහුගේ 14 හැවිරිදි දියණියක හැපී මරුමුවට පත්වී ඇතැයි කටුගස්තොට පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය කටුගස්තොට රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

අත්අඩංගුවට ගත් වෑන් රථ රියැදුරු ඊයේ (11දා) මහනුවර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කටුගස්තොට උපකාරක පන්තියකට ගොස් සිටි දියණිය එය නිමාවීමෙන් පසු පියා සමග නිවෙස බලා යමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ පොල්ගොල්ල පල්ලෙ ගුන්නෑපාන පදිංචිව සිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ අඹගහගෙදර රෝහණ ජයරත්න නමැති පියා සහ කටුගස්තොට නවයාලතැන්න සමුද්‍රදේවි බාලිකා විiාලයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අඹගහගෙදර මධුෂි මේකලා ධනාංජනා නමැති 14 හැවිරිදි දියණිය වේ.

කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් කටුගස්තොට ප්‍රදේශයේ අවමඟුල් නිවසකට සහභාගි වී යළි ගම්පොළ ප්‍රදේශයේ ඥාති නිවසකට වෑන් රථයක ගමන් කරමින් සිටියදී වෑන් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අනතුර සිදුව ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත රථ වාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදාර ලියනගම මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment