පෑලියගොඩ අධිවේගයේ එස් අයි වෙඩි තබාගෙන මරුට

102

අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයට අනුයුක්ත පෑලියගොඩ මූලස්ථානයේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (06 වැනිදා) අලුයම සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි රුවන් කුමාර නමැති දෙදරු පියෙකි.

රුවන් කුමාර මහතා පෙරේදා රාත්‍රියේ සිය රාජකාරි සඳහා පැමිණ පෑලියගොඩ අධිවේගී මාර්ග ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා කර තිබිණි.

ඊයේ අලුයම 6.30ට පමණ අධිවේගී මාර්ග පොලිසියේ ප්‍රධාන කාර්යාලය දෙසින් ඇසුණු වෙඩි හඬක් සහ කලබලයට පත්වූ සෙසු නිලධාරීන් එය පරීක්ෂා කර ඇත.

ඒ අවස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ තුවාල සහිතව බිම වැටී සිටි රුවන් කුමාර මහතා රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ. එහෙත් ඒ වනවිටත් රුවන් කුමාර මහතා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

රුවන් කුමාර මහතා මෙසේ වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගැනීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

අධිවේගී මාර්ග පොලිසියේ පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි මහතාගේ අධීක්ෂණය යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියනාත් ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.
හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment