කැස්බෑව ඩිපෝවට ඉන්ධන ගෙනා බවුසරයේ රියැදුරුට සහ සහායකයාට ඩිපෝව තුළදී ප්‍රහාරයක්

403

කැස්බෑව ඩිපෝවට ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියැදුරුට හා සහායකයාට එම ඩිපෝව තුළදී පුද්ගලයන් දෙදෙනකු සිදු කළ පහරදීමකින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. පහරදීමට සම්බන්ධ එක් පුද්ගලයෙක් පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කරයි.

එම පුද්ගලයා එම ඩිපෝවේම කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන්නෙකි. තෙල් සංස්ථාවේ සිට තෙල් රැගෙන ඒමෙන් පසුව එය භූගත ටැංකි වෙත ගොඩ බෑම සඳහා මද වේලාවක් ප්‍රමාද වී ඇති අතර තමන්ව ඉක්මනින් පිටත් කර හරින ලෙස බවුසරයේ රියැදුරු සහ සහායකයා පැවසීම මෙම පහරදීමට ආසන්නම හේතුව වී තිබේ.

එම අවස්ථාවේදී ඩිපෝව තුළ සිටි කොන්දොස්තරවරයා සහ අනෙක් පුද්ගලයා ඔවුන් දෙදෙනාට පහර දී ඇතැයි පොලිසිය කියයි.

කැස්බෑව ඩිපෝවේ සහකාර ධාවන කළමනාකාර පී.එන්. පුෂ්ෂකුමාර මහතා වහා මැදිහත්ව ගැටුමට සම්බන්ධ පිරිස් දෙපසට කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බවත් ඒ මහතා පවසයි පහර කෑ බවුසරයේ රියැදුරු සහ සහායකයා 1990 සුවසැරිය ගිලන් රථය මඟින් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කැස්බෑව පොලිසියේ නිලධාරීන් පියවර ගෙන තිබේ. පහර දුන් බව කියන සැකකාර කොන්දොස්තරවරයා සහ අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් පලා ගොස් සැඟවී සිටි බව පොලිසිය කියයි. පහරදීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා එම ඩිපෝවේම වැඩ තහනමට ලක්වූ බස් රථ රියැදුරෙකි. එම පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ. කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න, උප පොලිස් පරීක්ෂක පොඩි රාලහාමි යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment