මීගමුව උසාවිය ළඟදී දෙදෙනකුට වෙඩි තබා සාහාසිකයා පැන යයි

400

මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය අසලට ඊයේ (31 දා) දහවල් කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයකු එහි මෝටර් රථයක සිටි පුද්ගලයන් දෙදෙනකුට ඩෙවි තබා බරපතළ තුවාල කර පලා ගොස් ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

කාන්තාවක සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙහිදී තුවාල ලැබූ මහේෂ් නමැති අයගේ බිරිඳ සමග සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව කියන උන්හාරුවේ රසියා නමැත්තා මෙම වෙඩි තැබීම කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා මීගමුව උසාවිය ආසන්නයේ මෝටර් රථයක නැඟී සිටියදී යතුරුපැදියකින් පැමිණි සාහාසිකයා පිස්තෝලයක් යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

සාහාසිකයා අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් පිගේරා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment