ෆැෂන් ගැන ලංකාවට චිත්‍රපටයක් – නිහැඬියාව බිඳිමින් ප්‍රසාද් දේශප්‍රිය වැඩ අරඹයි

105

ලංකාවේ වුණ සත්‍ය සිදුවීමක නිර්මාණයක්

පිංතූරය – ප්‍රංශයේ නිරූපිකාවක් වූ සෝනියා සමග.

අද අපේ කථානායකයා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. නමුත් ඔහු නිරූපණ කලාවට ගොඩක් සම්බන්ධයි. වෛද්‍ය වෘත්තියෙන් ඔබ්බට ගොස් නිරූපණයෙන් මෙරට පමණක් නොව ජාත්‍යන්තරය පවා ජයගත් චරිතයක්. අපි කථාවටත් කියනවානේ කලාව ඇඟේ තියෙනවා නම් මොන වෘත්තියක හිටියත් ඒක එළියට එනවා කියලත්. ඉතිං කළුබෝවිල චීන කටු සායනයේ අධ්‍යක්ෂ සහ පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියත් එවැනි චරිතයක්. ඔහු ජාත්‍යන්තර රූ රැජන තරඟාවලි පවා මෙරට සංවිධානය කර අපේ රටේ ඈත ගම්දනව්වල සිටි තරුණියන්ව ජාත්‍යන්තරයට රැගෙන ගොස් තිබෙනවා. ඉතිං දිගු නිහැඬියාවකට පසු චීන කටු චිකිත්සක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය එවැනි අලුත්ම වැඩකට සූදානම් වෙනවා. මේකත් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඉතිං ඒ ආරංචිය අපේ කනවැකුණු සැණින් ‘මීවිත’ පාඨකයන්ට මුලින්ම කියන්න ඕනෑ හින්දා අපි වෛද්‍ය ප්‍රසාද්ව මුණගැසුණා.

■ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය කලෙකට පස්සේ චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියක් ලැබුණා?

මම හිතන්නේ කාලෙකට පස්සේ තමයි මම පුවත්පතට සාකච්ඡාවක් පවා ලබාදෙන්නේ. මම ලංකාවේ විලාසිතා ක්‍ෂේත්‍රය පිළිබඳව චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න සූදානම් වෙනවා. ඇත්තටම මේකෙන් කතා කරනවා ලෝකයේ ෆැෂන් කර්මාන්තය ගැන වගේම ලංකවේ ෆැෂන් කරමාන්තය ගැන.

ෆැෂන් ගැන ලංකාවට චිත්‍රපටයක් - නිහැඬියාව බිඳිමින් ප්‍රසාද් දේශප්‍රිය වැඩ අරඹයි

මෙහි කථා තේමාව මොකක්ද?

ගමෙන් කොළඹ ආපු තරුණියක් ෆැෂන් හරහා ලෝකයට ගිහිල්ලා ඒ තුළින් ඇතිවන සිද්ධීන් කිහිපයක් මුල්කරගෙන තමයි කතාව නිර්මාණය වෙන්නේ.

චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හිතුවේ ඇයි?

ලංකාවේ ෆැෂන් ඉන්ඩස්ටි්‍රයේ වුණ දේවල් සමග ලෝකයේ ෆැෂන් ඉන්ඩස්ටි්‍රයේ වෙන දේවල් සමාජයට ලබාදෙන්න තමයි මේ චිත්‍රපටයේ මූලික පරමාර්ථය. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේක සුරංගනා ලෝකයක් වගේම රෝසමල් යහනාවක් කියලයි. නමුත් මෙහි ඇතුළාන්තය පිළිබඳව බොහෝ දෙනා දන්නේ නැහැ. තරුණියන් මෙන්ම තරුණයන් ද ෆැෂන් කරන්න ගිහිල්ලා වැටෙන අමාරුව ගැනත් මෙහිදී කතාබහ කරනවා. ඇත්තටම මෙහි ප්‍රධාන පරමාර්ථය අපේ රටේ ෆැෂන් කරන්න හිතාගෙන ඉන්න තරුණ තරුණියන් ආදර්ශයක් ලබාදීමයි.

ෆැෂන් ගැන ලංකාවට චිත්‍රපටයක් - නිහැඬියාව බිඳිමින් ප්‍රසාද් දේශප්‍රිය වැඩ අරඹයි

රශ්මිකා තාකුර්

මේක ඔබේම අදහසක්ද?

ලංකාවේ වුණ සත්‍ය සිදුවීම් තමයි මේ හරහා නිර්මාණය කරන්නේ. මගේ හිතේ තිබුණ අදහස පිටපතකට සකස් කරන්න භාරදුන්නේ භාෂා පරිවර්තකයෙක් වගේම කතුවරයෙක්, ලේඛකයෙක් වුණු රෝහණ වෙත්තසිංහ මහත්මයාට. මේක වසර ගණනාවක ඉඳලා හිතේ තිබුණ අදහසක්.

■ රූගත කිරීම් ගැනත් කතා කළොත්?

රූගත කිරීම් ප්‍රංශයේ සහ ස්විස්ටර්ලන්තයේ, ඉන්දියාවේ වගේ රටවල වගේම ලංකාවෙත් සිදුකරන්න හිතාගෙන ඉන්නේ. ඒ වගේම මේ සඳහා රංගනයෙන් ලංකාවේ ප්‍රවීණ නළු නිළියන් වගේම ඉන්දියාවේ නිරූපණ ශිල්පීන්, ඉන්දියාවේ හයිද්‍රාබාද්වල දක්ෂ නිරූපිකාවක් වුණු රශ්මිකා තාකුර් සහ ඉන්දියාවේ චිත්‍රපට ක්‍ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්ද එකතු කරගන්නවා. මේක ලංකාවේ දමිළ ජනතාවටත් නැරඹීමට පුළුවන් වන ආකාරයටයි නිර්මාණය වෙන්නේ.

ෆැෂන් ගැන ලංකාවට චිත්‍රපටයක් - නිහැඬියාව බිඳිමින් ප්‍රසාද් දේශප්‍රිය වැඩ අරඹයි

සේනක සිල්වා

ඇයි මේ මෝස්තර නිරූපණ කලාව සිනමාවට ගෙන එන්න හිතුවේ?

ඇත්තටම මෝස්තර නිරූපණ කලාව ගැන චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වෙලා තිබෙනවා. හැබැයි ලංකාවේ මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රය ගැන කතාබහට ලක්වන නිර්මාණයක් මේ වෙනකම් නිර්මාණය වෙලා නැහැ. වර්තමාන තරුණ තරුණියන් ෆැෂන් ගැන හරි උනන්දුවක් දක්වනවා වගේම ෆැෂන් ගැන උන්මාදයක් තිබෙනවා. ඒක හින්දාමයි මේක නිර්මාණය කරන්නේ. modler කෙනෙක් වෙන්න නම් ඇත්තටම ප්‍රවීණයන්ගෙන් මෙන්ම මේ ක්‍ෂේත්‍රයේ ඒ පිළිබඳ අත්දැකීම් බහුල අයගෙන් හැදෑරීමක් කළ යුතුයි. ඒ වගේම modler කෙනෙක්ට Standard කියන එක අත්‍යවශ්‍යයි. ඔවුන් ඒක maintain කළ යුතුයි.

ෆැෂන් ගැන ලංකාවට චිත්‍රපටයක් - නිහැඬියාව බිඳිමින් ප්‍රසාද් දේශප්‍රිය වැඩ අරඹයි

■ විදේශීය නිරූපිකාවන් මේ සඳහා සම්බන්ධ කරන්න හිතුවේ ඇයි ?

රූගත කිරීම් ආරම්භ කරනකොට තමයි මේ වැඩේ හරියටම බලාගන්න පුළුවන්. විශේෂයෙන් මේ චිත්‍රපටයට ඉන්දියාවේ වගේම ලංකවේ නර්තන ශෛලීන්, ලංකාවේ ප්‍රවීණ නළු නිළියන් කිහිපදෙනෙක් වගේම නවකයන්ද සිනමාවට හඳුන්වාදෙන්න බලාපොරොත්තු වෙනවා. මම මේ ක්‍ෂේත්‍රයට පිවිසිලා ගොඩක් කල්. මේක මම නිර්මාණය කරන්නේ හොඳට හොයලා බලලා.

■ ඔබත් මේ සඳහා රංගනයෙන් දායක වෙනවාද?

ඔව්. මමත් මේ සඳහා රංගනයෙන දායක වෙනවා. මොකද මෝස්තර නිරූපණය කියන දේ මට පුළුවන් දෙයනේ. මම මොඩ්ලින් ගැන දන්න හින්දා මට ඒකේ චරිතයක් රඟපාන්න පුළුවන් වෙයි. ඒ වගේම ලංකාවේ මෝස්තර නිරූපණයට සම්බන්ධ ප්‍රවීණයන් කිහිපදෙනෙක් එකතු කරගන්න හිතාගෙන ඉන්නවා. මගේ ෆැෂන් ෆිල්ම් එකේ කොරියෝග්‍රැෆි ලෙස ගත්තේ සේනක සිල්වා මහතාව. ඔහු මේ ක්‍ෂේත්‍රය ගැන ප්‍රවීණයෙක්.

■ දැන් ඔබ නිරූපණ තරගවලින් ඈත්වෙලාද?

මම ලංකාවේ පැජන්ට් සෑහෙන ප්‍රමාණයක් සංවිධානය කළා. විශේෂයෙන් මගේ කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනය වගේම පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනය එකතුවෙලා තමයි ඒවා නිර්මාණය කළේ. අපි ලස්සන වැඩසටහන් රැසක් කළා. ඒ වගේම ලංකාවට අපි බොහෝ ගෞරව ලබාදීලා තියෙනවා. ඒ වගේම මම ජාත්‍යන්තර මෝස්තර නිරූපණ තරගාවලි රාශියක ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂක ලෙස කටයුතු කරලා තියෙනවා. ඒවායින් ඉදිරිපත් කළ ළමයින් ලංකාවට බොහෝ ජයග්‍රහණ පවා අත්කරදීලා තියෙනවා. මුලින්ම ලංකාවේ පැවැත්වූ Mr. Ceylon majestic 2017 තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තා. ඊට පසුව මම 2017 වසරේ පැවැත්වුණු Mr. Elegant international france 2017 තරගාවලිය ජයග්‍රහණය කරලා තියෙනවා. රටවල් අසූවකින් තමයි ලංකාවට ප්‍රථම ස්ථානය අරගෙනදීලා තියෙන්නේ. මම ලංකාවට මොඩ්ලින් ක්‍ෂේත්‍රයෙන් විශාල ජයග්‍රහණ අත්කරදී තිබෙනවා.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment