‘දිවයින’ පුවතින් පසු දිරිය දියණිය දැහැමි නෙත්සරාට දසතින් ආධාර ගලාඑයි

447

ඔන්ලයින් අධ්‍යාපනයෙන් එගොඩ වන්නට දියේ කිමිදී වැලි ගොඩදමන කුඩා දැරියක් පිළිබඳ සංවේදී පුවතක් ‘දිවයින’ අප පුවත්පතෙහි ඊයේ (30 දා* 15 වැනි පිටුවෙහි පළවිණි.

හිත් උණුවන බොහෝ දෙනකු ඊයේ උදේම ‘දිවයින’ කාර්යාලයට දුරකථන ඇමතුම් දහස් ගණනක් ලබා දෙමින් අපේම වූ ඒ කුඩා සි`ගිත්තියට අත්වැලක් වන්නට තොරතුරු විමසන්නට විය.

'දිවයින' පුවතින් පසු දිරිය දියණිය දැහැමි නෙත්සරාට දසතින් ආධාර ගලාඑයි


අනුන්ගේ දුක් කඳුළකදී උණුවූ හදවත් ඇත්තෝ මෙරට සිට පමණක් නොව පිටරට සිටද එලෙස වැල නොකැඞී ඇමතුම් දෙමින් ඇයට සරණක් විය හැකි ආකාරය පිළිබඳ අපගෙන් නැවත නැවත විමසනු ලැබීය.

විවිධ රාජ්‍ය අංශ ප‍්‍රධානීන් පමණක් නොව පුද්ගලික සමාගම් නියෝජිතයන්ද, එලෙස ‘දිවයින’ අමතමින් ඇය ගැන තොරතුරු සෙව්වෝය. ඒ අනුව මේ වනවිට ඇයට දුරකථන එකක් නොව දහස් ගණනක් ලබා දෙන්නට තරම් පිරිස් ඉදිරිපත්ව සිටී. එමතුද නොව ලැප්ටොප් පරිගණක, ඬේටා වියදම් පමණක් නොව ඇයගේ අනාගත සුබ සිද්ධිය උදෙසා කි‍්‍රයා කරන්නට ද සූදානම්ය.

එලෙස ලද හෘදයාංගම ප‍්‍රතිචාර අනුව බැංකු ගිණුමක් හෝ නොතිබූ එම පවුලට ඊයේ උදයේම බැංකු ගිණුමක්ද ආරම්භ කරන්නට නගරයට යන්නට සිදුවූ අතර නොයෙකුත් දෙනා පොළොන්නරුව හිඟුරක්දමන ප‍්‍රදේශයේ වෙසෙන මෙම උත්සාහවන්ත දියණිය දැහැමි නෙත්සරාට මෙන්ම ඇගේ දෙමව්පියන්ටද ඊයේ දුරකථන ඇමතුම් දී උදව් ලබා දෙන්නට පොරොන්දු වී තිබිණි.

ඒ පිළිබඳ ස්තූති පූර්වකව කතා කළ ඇයගේ මව හේමා දිසානායක,

‘‘අනේ බොහෝම පින් අපිට උදව් කරන්න කතා කළාට. අපිට නෝනා මහත්තුරු ගොඩක් දෙනෙක් කතා කළා. දුවටත් කතා කළා. ෆෝන් එකක් නොවෙයි ෆෝන් ගොඩක් අරන් දෙන්න කට්ටිය ඉදිරිපත් වුණා. ඒ සියලූම දෙනාට බොහොම පින්. තව උදව් කරන්නත් ඒ මහත්තුරු පොරොන්දු වුණා. ස්තූතියි.

ඒ මවගේ ආදර දියණියගේ දැන් සිනාසෙයි. ඇය අනාගත බලාපොරොත්තු දල්වාගෙන සිටී.

අපි ඇයට සවන් දෙමු. මේ අපේ දියණි දැහැමි නෙත්සරා,

‘මා ගැන තොරතුරු දැකලා නැන්දලා… මාමලා… ගොඩාක් දෙනෙක් කතා කළා. ඒ සියලූම දෙනාට බොහොම පිං. මට ඉගෙන ගන්න, ඔන්ලයින් යන්න ෆෝන් එකකුත් ලැබුණා. ගොඩාක් ස්තුතියි. මට දැන් වැලි ගොඩ දාන්න ඕන වෙන්නේ නෑ. මගේ පංතියේ අනෙක් යාළුවෝ වගේ ඉගෙන ගන්න පුළුවන්. ශිෂ්‍යත්ව විභාගය පාස් වෙන්න තමයි මට ඕනේ. උදව් කරන්න ඉදිරිපත් වුණු හැමෝටම බොහෝම ස්තුතියි. මම හොඳට ඉගෙන ගන්නවා.

දුක් කම්කටොලූ රාශියක් විඳි ඇයගේ කතා සාරාංශය මෙපරිද්දෙනි. ඇයට උදව් කරන ඔබගේ පහසුව පිණිස අපි පහත විස්තර මෙලෙස පළකර සිටිමු.

ගිණුම් විස්තරය – 87609242, ඒ. ජී. එච්. දිසානායක, ගල්අමුණ ශාඛාව, ලංකා බැංකුව.

මව – හේමා දිසානායක – 077-4580748

advertistmentadvertistment
advertistmentadvertistment