රුපියල තවත් ශක්තිමත් වෙයි

136

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (02 දා) දිනයේ ද සැලකිය යුතු අගයකින් වාර්තාගත ලෙස ශක්තිමත් විය.

මේ අනුව පෙරේදා (01) රුපියල් 362.95 ක් වූ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය ඊයේ (02) දිනයේ දී රුපියල් 356.73 ක් දක්වා රුපියල් 6.22 කින් සැලකිය යුතු ශක්තිමත් වී තිබේ.

මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් අගය පෙරේදා (01) දිනයේ රුපියල් 351.72 ක් වූ අතර එය ද ඊයේ (02 ) වන විට රුපියල් 343.97 ක් දක්වා ශක්තිමත් වී ඇතැයි මහ බැංකුව ඊයේ නිකුත් කළ නිල විනිමය අනුපාත වාර්තා පෙන්වා දෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment