යුද හමුදා විශේෂ බළකා පුහුණුව ලබා…

252

“අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 595 දෙනෙකු විශේෂ බළකා ලාංඡන පැළඳීමෙන් පසු මාදුරුඔය පිහිටි විශේෂ බළකා පුහුණු පාසල වෙතින් විසිර ගියහ.

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මේ අවස්ථාව සඳහා සහභාගි වන ලදී.

මෙම විසිර යෑමේ පෙළපාලියේ 52 වන පාඨමාලාවේ දක්‍ෂතම සිසුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ කපිතාන් DHMTM හේරත් විසිනි. එම පාඨමාලාවේ දක්‍ෂතම ශාරීරික අභ්‍යාස සිසුවාට හිමි සම්මානය

දිනාගනු ලැබුවේ ලුතිනන් ඕණී රත්නායක විසින් වන අතර දක්‍ෂතම වෙඩි තබන්නාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ලාන්ස් කෝප්‍රල් කුමාර JTP විසිනි.

එසේම මෙම විසිරයෑමේ පෙළපාලියේ 53 වැනි පාඨමාලාවේ දක්‍ෂතම සිසුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ දෙවන ලුතිනන් JSSM ජයකොඩි විසිනි. එම පාඨමාලාවේ දක්‍ෂතම ශාරීරික අභ්‍යාස සිසුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ලාන්ස් කෝප්‍රල් චන්‍ද්‍රසිරි RM විසින් වන අතර දක්‍ෂතම වෙඩි තබන්නාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය UBRP විසිනි. මෙම විසිරයෑමේ පෙළපාලියේ අණදෙන්නා ලෙස විශේෂ බළකායේ මේජර් දර්ශන මාසිංහ විසින් කටයුතු කරන ලද අතර ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා පුහුණු පාසලේ සේනාවිධායක ලෙස කර්නල් සංජීව හොරවලවිතාන කටයුතු කරනු ලබයි.
කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment