අපේක්‍ෂා රෝහලේ ඖෂධ භාගෙට භාගයක් හිගයි – පුළුවන්නම් ලබාදුන්නොත් පිනක්

250

මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ සියයට 50 ක් පමණ හිඟ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම තත්ත්වය වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද බලපාන බවත් හිඟවන ඖෂධ යම් ප්‍රමාණයක් ලැබෙන තත්ත්වය සහ දින ගණනක් නොලැබෙන තත්ත්වය හමුවේ නිශ්චිතවම මෙපමණ ඖෂධ ප්‍රමාණයක් නොමති බවට කිව නොහැකි බවත් ඔහු කීය.

හිඟවන ඖෂධ හිතවතුන් සහ විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කර ලබා ගන්නා බවත් ඖෂධ ලබාදී උපකාර කළ හැකි අය සිටීනම් රෝහලට ඖෂධ පරිත්‍යාග කළ හැකි බවත් එම ප්‍රකාශකයා කීය.

අපේක්‍ෂා රෝහලේ රෝගීන් සඳහා නිර්දේශ කරන ඇතැම් ඖෂධවල මිල අධික බවත් එවැනි ඖෂධ සහ හිඟ ඖෂධ පරිත්‍යාග කළ හැකි පිරිස් සිටීනම් රෝහල අමතා තොරතුරු ලබාගත හැකි බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.

ඖෂධ හිඟවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඖෂධ සැපයුම්කරුවන් සඳහා ගෙවිය යුතු මුදල් මාස ගණනක් තිස්සේ නොගෙවීම නිසා එම සැපයුම්කරුවන් ඖෂධ නිසි ලෙස සැපයීම සිදුනොකිරීම බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment