ඉන්දියාවට ලකුණු 228ක ජයක්

264

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි සිව් දෙනාගේ වටයේ ඊයේ පැවති ඉන්දීය පාකිස්ථාන ක්‍රිකට් තරගයේ දී ලකුණු 228ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දීය කණ්ඩායම ලබා ගත් ලකුණු 356 හඹා ගිය පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 32ක දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 128කි.පන්දු යැවීමේදී කුල්දීප් යාදේව් ලකුණු 25කඩුලු 05ක් ලබා ගැනීමට සමත් විය. පකිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 27ක් ලබා ගත් ෆක්හාර් සමන් පමණි නසීම් ෂාහ සහ හැරිස් රාවුෆ් ආබාධයට ලක්වීම නිසා පන්දුවට පහර නොදුන්හ.

advertistmentadvertistment
advertistmentadvertistment