අස්වැසුමට ජනවාරියේ යළි අයදුම්පත් කැඳවනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

67

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලබන ජනවාරි මාසයේ දී යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙහි පළමු අදියර ක්‍රියාත්මක කළ බවත් එහිදී සුදුස්සන් සොයා ගැනීම ඇතුළු ගැටලු රැසක් පැවැති බවත් එය නිවැරදි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් නැවත ජනවාරි මාසයේ දී අයදුම්පත් කැඳවන ලෙස උපදෙස් දී ඇති බවත් කෑගල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී සියඹලාපිටිය මහතා පැවසීය.

මූලිකව පවුල් ලක්‍ෂ 20ක් තෝරා ගැනීමට කටයුතු කළත් අවශ්‍ය විටක පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කර ලක්‍ෂ 20, ලක්‍ෂ 24ක් දක්වා වැඩිකර ගැනීමේ හැකියාව පවතින බවත් ඒ මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment