ඩලස්ගේ කණ්ඩායම අලුත් ගමනක ..

103

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ඊට තරග කළ ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සූදානම්යැයි ප්‍රකාශකර තිබේ.ඩලස් වෙනුවෙන් සහය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (අගෝ. 20) අනුරාධපුර පූජා භුමියට පැමිණි අවස්ථාවේ ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය.
අනුරාධපුරයට පැමිණි එම මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගෙන ඇත.
ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් යුත් කණ්ඩායම, සිය පෞද්ගලික රථවාහනවල වෙන වෙන ම පැමිණ තිබුනේ නැත. ඔවුන් කොළඔ සිට අනුරාධපුරය දක්වා පැමිණ තිබුණේ බස් රථයකිනි.

ctb

advertistmentadvertistment
advertistmentadvertistment