හම්බන්තොට ලොජිස්ටික්ස් වැඩ අද අරඹයි

261


මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය පරිශ‍්‍රයේ ප‍්‍රථම බන්ධිත ගබඩා සංකීර්ණයවන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ආරම්භ විය.
හෙක්ටයාර් එකක භූමි ප‍්‍රමාණයක් දක්වා විහිදෙන මෙම ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් සංකේතවත් කරමින් අග‍්‍රාමාත්‍යවරයා විසින් සමරු ඵලකය නිරාවරණය කරනු ලැබීය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප‍්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගිවූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට චීන තානාපති කුයි ශෙන්හොං මහතා ඇතුළු පිරිස සමඟ වරාය පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment