2021 ඒඩ්ස් ආසාදිතයෝ 439ක් වාර්තාවෙලා

153

පසුගිය වසර (2021) තුළ එච්. අයි. වී. ඒඩ්ස් ආසාදිතයන් 439 දෙනකු වාර්තා වී ඇතැයි එච්. අයි. වී. ඒඩ්ස්/ ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය ‘දිවයින’ට ඊයේ (22 වැනිදා) පැවසුවාය.

මෙම වසරේ (2022) මේ දක්වා ගත වූ මාස 5 ක කාලය තුළ එච්. අයි. වී. ආසාදිතයන් 20 දෙනකු හඳුනාගෙන ඇතැයි ද ඇය සඳහන් කළාය. ඉන් වැඩි පිරිසක් අවුරුදු 20 ත් 49 ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් බවත් ඇය සඳහන් කළාය. පසුගිය කාලයන්ට වඩා තරුණ පිරිස මෙම ඒඩ්ස්වලට ගොදුරු වීම ඉහළ ගොස් ඇති බවත්, මෙය ඉතා භයානක තත්ත්වයක් බව ද ඇය කීවාය. මින් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බව ද ඇය සඳහන් කළාය. නොදන්නා පුද්ගලයන් සමග ලිංගික සම්බන්ධතා පවත්වන විට ආරක්ෂිත කොණ්ඩම පැළඳ එම ක්‍රියාවන්වල නිරත වීම ඉතා වැදගත් බව ද ඇය සඳහන් කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment