අලි ඇතුන් 400ක් ඝාතනය කරලා – පාහියංගල හිමියෝ කියති

48

මේ වසරේ මේ දක්වා වන අලි ඇතුන් 400 දෙනකු ඝාතනයට ලක්ව ඇතැයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති, පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘දිවයින’ට ඊයේ (26 දා) ප්‍රකාශ කළහ.

පසුගිය සතියේ පමණක් වන අලි ඇතුන් 15 දෙනකු ඝාතනය වී ඇතැයි ද සඳහන් කළ උන්වහන්සේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සත්ත්ව ඝාතනයන් සිදුව ඇතැයිද පැවසූහ. මෙම ඝාතනයන් විශ්ලේෂණයේදී ඒ පිටුපස පැහැදිලිවම සංවිධානාත්මක පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment