යාපනයේ නගර සභාව සීමා මාලකයට හරස්වෙයි

454

උතුරේ ආරියකුලම් වැවේ සීමාමාලකයක් ඉදිකිරීම සඳහා යාපනයේ නාග විහාරාධිපති හිමියන් ඉදිරිපත් කළ සැලස්ම යාපනය නගර සභාව මගින් තහනම්කර ඇත.
නාග විහාරය අසල පිහිටි ආරියකුලම් වැව පුරාවිද්‍යා ආරක්ෂක ප‍්‍රදේශයකි. සර්ව ආගමික ස්ථානයක් ලෙස මෙම වැවේ ගංගාරාම සීමාමාලකයට සමාන සීමාමාලකයක් ඉදිකිරීමට යාපනය නාග විහාරාධිපති හිමියන් තීරණයකර තිබිණි.

මේ තහනම පනවා ඇත්තේ යාපනය නගරාධිපති එම්. මනිවන්නන් නමැත්තාය. මෙම සීමාමාලකය පිළිබඳව යාපනය නගර සභාවේදී විවාදයක් පැවැති අතර එහිදී එම සීමාමාලකය ඉදිකරන්නේ බෞද්ධාගම උතුරේ ස්ථාපිත කිරීමේ අරමුණින් බව ප‍්‍රකාශ වී තිබිණි. එසේම උතුරේ සීමාමාලකය ඉදිකිරීමට කිසිසේත් ඉඩ නොදෙන බව
 නගරාධිපති මනිවන්නන් තරයේ ප‍්‍රකාශකර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment