අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සහ පකිස්ථානය අතර ගිවිසුමක්

122

බ්‍රිතාන්‍යය සහ පකිස්ථානය අතර විදේශිය අපරාධකරුවන් සහ ආගමන අපරාධ කරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙන ගිවිසුමකට අත්සන් කර ඇත.බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් මහත්මිය සහ පකිස්තාන අභ්‍යන්තර කටයුතු ලේකම් යුසාෆ් නසීම් කොක්හාර් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.මෙම ගිවිසුමට අනුව බ්‍රිතාන්‍යය තුළ අපරාධයක් සිදු කරන හෝ ආගමන වැරදිකරුවකු වන පකිස්තාන ජාතිකයකුට එරට තුළ නීතිමය රැකවරණය ලබාගැනීම නොහැක.ඔවුන් රාජ්‍ය මැදිහත්වීම මත පාකිස්ථානයට යළි ගෙන්වා ගැනීමට හැකි වේ. බ්‍රිතාන්‍යයේ සිටින විදේශීය අපරාධකරුවන් සහ ආගමන නීති උල්ලංගනය කළ විදේශිකයින් වැඩිම පිරිස අතර හත්වැනි තැන පාකිස්ථානයට හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment