චීනය පියාඹන පීරිසියක් ගුවන්ගත කරයි

487

චීන සමාගමක් විසින් ප්‍රථම වරට නිපදවා ඇති පියාඹන පීරිසියක් (යූඑෆ්ඕ) පසුගියදා මහජන ප්‍රදර්ශනය සඳහා ගුවන් ගත කර තිබේ. ‘ශෙන්සෙන් යූඑෆ්ඕ පවර් ටෙක්නොලොජි සමාගම’ විසින් නිපදවා ඇති මෙම පියාඹන පීරිසියේ මැද පිහිටා ඇති ගුවන් නියමු ආසනය වටා එම යානය ගුවන්ගත කිරීමට උපකාර වන ගුවන් යානා පියාපත් හා සමාන පියාපත් තල 12ක් පිහිටා ඇති අතර එම යානය මීටර් 200ක් (අඩි 656ක්) උසට ගමන් කළ හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම පියාඹන පීරිසියට ගුවනේ රැඳී සිටිය හැකි උපරිම කාල සීමාව විනාඩි 15ක් වන අතර එය නිපදවීම සඳහා චීන විද්‍යාඥයන්ට වසර තුනක කාලයක් ගත වී තිබේ,

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment