පාලන මිල පාවෙයි වෙළෙන්දෝ රිසි ලෙස පාරිභෝගිකයින් සූරාගෙන කති

150

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මත මේ මොහොතේ කිසිදු පාලන මිලක් නියම නොකර තිබීම නිසා වෙළෙඳුන් ආහාර ද්‍රව්‍ය ඇතුළු සෑම භාණ්ඩයකම මිල සිතූ සිතූ පරිදි වැඩි කිරීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති.

මීට මාස හත අටකට පෙර කැබිනට් මණ්ඩලය මගින් ගත් තීරණයක් මත පාලන මිල ගණන් ඉවත් කරනු ලැබුවේ වෙළෙඳපොළේ භාණ්ඩවල හිඟයක් මතුවීම වැළැක්වීම සඳහාය. මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙන් විමසූ විට එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ පාලන මිල ගණන් ඉවත් කිරීමට රජය ගත් තීරණයත් සමඟ වෙළෙඳපොළේ මිල තීරණය කිරීමේ බලය වෙළෙඳුන් අතට පත්වූ බවයි.

රුපියල පාකිරීමට ගත් තීරණය නිසා අත්‍යවශ්‍ය  පාරිභෝගික ද්‍රව්‍ය ආනයනයේදී විදේශ විනිමය අනුපාත මත භාණ්ඩ මිල ඉහළ දැමීමට අදාළ ආනයනික සමාගම් පියවර ගන්නා බවත් ඊට අමතරව රක්‍ෂණ ගාස්තු නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ආදියද භාණ්ඩ මිලට එකතු වන බවත්ය. මීට අමතරව ඇතැම් වෙළෙඳුන් සිතූ සිතූ මිල ගණන්වලට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩවල මිල නියම කරන බව පිළිගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන් පිළිබඳව ලැබෙන පැමිණිලි මත වැටලීම් කළත් එම වැටලීම් දීප ව්‍යාප්තව සිදු කිරීමට ප්‍රායෝගිකව නොහැකි බවද එම නිලධාරියා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment