ඩෝප් රියැදුරු පැදවූ කාරය බවුසරයක හැපී 5කට බරපතළයි

113

ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් පස්දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නිසා තුවාලකරුවන් දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව දිඹුලපතන පොලිසිය පැවසීය.

12 දින රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදීය. වැලිමඩ සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තේ ගබඩා සංකීර්ණය වෙත ධාවනය කරමින් තිබූ බවුසර් රථයක් සහ නෝර්වුඩ් සිට තලවකැලේ දක්වා ධාවනය කළ මෝටර් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී ඇත.

නෝර්වුඩ් සිට තලවකැලේ සිට ධාවනය කළ මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්, එහි රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබූ බවුසර් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් තුවාලකරුවන් පස් දෙනා නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචි අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන බවත් දිඹුල පතන පොලිසිය කියා සිටියේය.
ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment