පොතු කබර සහ සුදුකබර ඇතිවීමට බලපාන හේතු

836

පොතු කබර රෝගයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ සිරුරේ පවතින අධික උෂ්ණත්වයය. මෙම රෝගය හිස් කබලේ සහ දෙපාවල හටගනී. ඉන් පසු එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගනී. එසේම කැසීමක් හටගනී. තැනින් තැන කළු පැහැති ළප මතුවී ඒවා කැසීමට පටන් ගනී. කසනවිට පොතු ගැලවී යෑමට පටන් ගනී.

අපි කවුරුත් ලස්සනට ඉන්නට ප්‍රිය කරන්නෙමු. එනිසා බාහිර රූපය රැක ගැනීමට රූසපුව පෙනුම වැඩි කර ගැනීමට බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කරත.ි එය කාන්තා පිරිමි කියා වෙනසක් නැතිව සිදු කරති. නමුත් අපගේ සිරුරේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව සහ ජානමය හේතූන් නිසා සම මත ඇතිවන රෝග නිසා රුව අවලස්සන වන අවස්ථා ද මතුවේ. එවැනි රෝග දෙකක් ලෙස පොතු කබර සහ සුදු කබර යන සමේ රෝග හැඳින්විය හැකිය.

පොතු කබර සහ සුදුකබර ඇතිවීමට බලපාන හේතු

සමේ ඇතිවන මෙම රෝග දෙකට ස්වෙත ප්‍රදරය ලෙස හඳුන්වයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ සිරුරේ පවතින ඌෂ්ණ බවය.

මෙම උෂ්ණ බව නිසා හට ගන්නා මළ බද්දය පණු රෝග ආදිය නිසා මෙම රෝග තත්ත්වය උග්‍රවිය හැකිය.

පොතුකබර

පොතු කබර රෝගයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ සිරුරේ පවතින අධික උෂ්ණත්වයය.ි මෙම රෝගය හිස් කබලේ සහ දෙපාවල හටගනී. ඉන් පසු එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගනී. එසේම කැසීමක් හටගනී. තැනින් තැන කළු පැහැති ළප මතුවී ඒවා කැසීමට පටන් ගනී. කසනවිට පොතු ගැලවී යෑමට පටන් ගනී.

සුදු කබර

සිරුරේ පවතින අධික ඌෂ්ණ බව නිසා සහ ජානමය හේතු නිසා සුදු කබර රෝගය හටගනී. එහිදී සුදු කබර ඇතිවීමට බලපාන්නේ පියාගේ ජානය. මවගේ ජාන බලපෑමක් ඇති නොවේ.

සුදු කබර රෝගය තොල්හි හැටගත්විට එය සුව කිරීම මදක් දුෂ්කරවේ. සිරුරේ දෑත් සහ දෙපාවල ඇඟිලි මත හටගන්නා සුදු කබර තොල් මත ඇතිවූ සුදු කබර රෝගයට වඩා පහසුවෙන් සුව කළ හැකිය.

ප්‍රතිකාර

සුදු කබර සහ පොතු කබර රෝග සුව කිරීම සඳහා ආයුර්වේදයේ සහ පාරම්පරික වෛද්‍ය ක්‍රමයෙහි ප්‍රතිකාර පවතී.

පළමුව කළ යුත්තේ සිරුරේ පවතින ඌෂ්ණාධික බව පාලනය කිරීම. එසේම එළවළු, පලා වර්ග, පලතුරු වර්ග ආහාරයට ගැනීම, තල තෙල්, තල, මීතෙල් ආදිය භාවිත කිරීම සමට හිතකරයි.

මේ සඳහා අත් බෙහෙතක් ද භාවිත කළ හැකිය. එය සාදාගත යුත්තේ කටු සහිත කොහිල අලයකින්ය. ඒ සඳහා අගල් හයක පමණ කොහිල අලයක් ගෙන එය හොඳින් සුද්ද රක සෝදා ලුණුවතුරෙහි විනාඩි පහළොවක් පමණ බහා තබා හොඳින් කොටාගන්න. ඉන්පසු එළඟිතෙල් ටිකක් දමන්න. පොතු ඉවත් නොකළ රතු ලූණු කිහිපයකුත් දමන්න. එවා සමග හොඳින් කොටා ගන්න. එසේම කොටාගත් කොහිල පොල් කිරි මිශ්‍ර කර හාල් ටිකක් දමා කැඳ සාදා දිනපතා බීම මගින් පොතු කබර සහ සුදු කබර රෝගය පැතිරීම පාලනය කරගත හැකිය.

ඊට අමතරව චීන කටු ප්‍රතිකාර ක්‍රමය මගින්ද සුදු කබර රෝගය සුවපත් කළ හැකිය.

අහිත කර ආහාර

තක්කාලි, අන්නාසි, කිරි අල, මයියොක්කා, සැමන්වර්ග, අච්චාරු, ඉස්සෝ, දැල්ලෝ, චොකලට්, කෝපි, රඹුටන්, දූරියන්, මැංගුස් වැනි සිරුරේ ඌෂ්නාධික බව වැඩි කරන ආහාර නොගත යුතුය.

මෙම රෝගය අන්අයට බෝවෙනවා ද?

බොහෝ දෙනා පොතු කබර සහ සුදු කබර

රෝගීන් දුටුවිට ඔවුන් ඇසුරු කිරීමට බියක් දක්වති. බස් රථයේදී හෝ පොදු ස්ථානයකදී මෙවැනි රෝගියෙක් තමා ළඟට පැමිණිය හොත් ස්පර්ශවුවහොත් රෝගය බෝවේ යැයි කියා බියක් ඇති කර ගනිති. මෙම රෝග එසේ ස්පර්ශය හෝ ළඟ සිටීම නිසා අන් අයට පැතිර යන රෝග නොවේ. මේ සඳහා බලපාන්නේ සිරුරේ ඌෂ්ණාධික බව සහ ජානමය හේතු පමණකි.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමැතිය හැකිය.

පොතු කබර සහ සුදුකබර ඇතිවීමට බලපාන හේතු

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment