ණය ප්‍රතිව්‍යුහගත කරන චීන – ඉන්දීය සාකච්ඡාවලට අට පුද්ගල කමිටුවක්

134

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු නියෝජිතයන් කර ඇති දැනුම් දීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී චීනය හා ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට අට පුද්ගල කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝජිතයන් ඉකුත් සතියේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමග පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති සමග සාකච්ඡා කර ඒ පිළිබඳව කඩිනමින් පියවරක් ගන්නා ලෙස අයි. එම්. එෆ් සහ ලෝක බැංකු නියෝජිතයන් සාගල රත්නායක මහතා හමුවේ කළ දැනුම් දීමට අනුව මෙම කමිටුව පත්කර තිබේ.

මෙම කමිටුවට විදේශ ඇමැති අලි සබි්‍ර, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති උපදේශක ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු පත්ව සිටිති.

මෙම කමිටුව මැදිහත් වී ඉන්දියාව හා චීනය සාකච්ඡාවට යොමු කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment