ආසිරි පැන්

60

බෞද්ධ සැදැහැවතුන් තම ආගමික කටයුතුවලදී පිරිත් පැන් යොදා ගන්නා සේම කිතුනුවෝ ඒ සඳහා ආසිරි පැන් යොදා ගනිති. එබැවින් කිතුනු ඇදහිල්ල හා ජලය අතර මහා සබඳතාවක් පවතී. ශුද්ධ බයිබලයේ උත්පත්ති පොත අනුව ආරම්භයේදී පොළොව හිස්ව පාළුව පැවති අතර මහ සයුර මත අන්ධකාරය පැවතිණ. දෙවන දින ජලය මවා වදාළ ආකාරය සඳහන් කළ මෝසෙස් තුමා තම සැරයටියෙන් පර්වතයකට තට්ටු කර ජලය ලබාදුන් අයුරු නික්ම යෑම පොතේ දැක්වේ.

ජේසු සමිඳුන් ස්නාවක ජුවාම් තුමාගෙන් භෞතිස්මය ලැබුවේ ද ජොර්දාන් නදියේ ජලයෙනි. ඒ අනුව නව ගිවිසුම ද ආසිරි ලද ජලය ගැන සඳහන් කරයි. අද අපේ දේවස්ථානවල හා නිවෙස්වල භාවිත කරන ආසිරි පැන් ආලෙලුයියා සෙනසුරාදා දේව මෙහෙයේදී ආසිරි ගන්වනු ලැබේ. අදත් ළදරුවන්ට ප්‍රසාද ස්නාවනය දීම සඳහා මෙන්ම විවාහ මංගල අවස්ථාවල මුදු ආසිරි ගැන්වීම යක්ෂවේශ වුවත් සුව කිරීම අවමඟුල් පිළිවත් ආදී බොහෝ කටයුතුවලට ආසිරි පැන් යොදා ගනු ලැබේ.

කැලිස්ටස් ජයමාන්න – හීන්කෙන්ද

advertistmentadvertistment
advertistmentadvertistment