නවසීලන්තයේ කොරෝනා ආසාදිතයන් අඩු වෙයි

118

නවසීලන්තය විසින් ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීම පාලනය කිරීම සඳහා රට පුරා පනවා ඇති දැඩි අගුලූ දැමීම හේතුවෙන් මේ වන විට එරටින් දෛනිකව වාර්තා වන ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නිවේදනය කර තිබේ. ඉකුත් සතියේදී දිනකට ඩෙල්ටා ආසාදිතයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ නවසීලන්තයෙන් ඊයේ (31දා) දිනයේ වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 49 දෙනකු පමණකි.

 පෙරේදා (30දා) දිනයේ නවසීලන්තයෙන් ඩෙල්ටා ආසාදිතයන් 53 දෙනකු වාර්තා වී තිබිණි. මෙම තත්ත්වයෙන් පෙන්නුම් කරනුයේ නවසීලන්තය විසින් පනවා ඇති දැඩි සංචරණ සීමා සහිත අගුලූ දැමීම හා ඒ ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන සෞඛ්‍ය පිළිවෙත් සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වන බව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ඇෂ්ලි බ්ලූම්ෆීල්ඞ් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment