ඉල්ලීම සාධාරණයි සෞඛ්‍ය සේවකයින්ට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වෙනවා – සමන් රත්නප්‍රිය

829

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉල්ලා සිදු කර වෘත්තිය ක්‍රියාමාර්ගයේ සාධාරණත්වයක් පවතින බැවින් රජයේ අවධානය යොමු කරවීමට කඩිනමින් කටයුතු කරන බව වෘත්තිය සමිති පිළිබඳ ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල්, සමන් රත්නප්‍රිය මහතා ‘දිවයින’ට ඊයේ (15 දා) පැවසීය

වෛද්‍යවරුන්ට ලබාදුන් 35,000ක දීමනාව හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉල්ලා සිටින ආර්ථික යුක්තිය සාධාරණත්වය ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අවස්ථා කිහිපයක දී සාකච්ඡා කර ඇති බවත්, ඔවුන්ගේ ඉල්ලීම තුළ යම් සාධාරණත්වයක් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

එම නිසා ප්‍රශ්නය සාධාරණ ලෙස වටහා ගනිමින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කර රජය සමග සාකච්ඡාවක් පවත්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත සාධාරණය ඉටු කරලීමට මැදිහත් වන බව ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment