රියැදුරුට නින්ද යෑමෙන් ලොරියට යටවූ යතුරුපැදිකරු එතැනමයි

63

ලොරි රථයක රියැදුරුට නින්ද යෑම නිසා වවුනියාවේ නවගම ප්‍රදේශයෙදී එම ලොරියට යට වූ යතුරුපැදිකරුවකු ඉකුත් 17 දා සිද්ධිය වූ ස්ථානයේදීම ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

ව්‍යාපාරික එස්. එම්. රංජිත් ගුණපාල නමැති අය සිය යතුරුපැදියෙන් තම නිවස වෙත ගමන් කරමින් සිටියදී ඊට විරුද්ධ දෙසින් පැමිණි ලොරියේ රියැදුරාට නින්ද යෑම නිසා ව්‍යාපාරිකයා ගමන් කළ යතුරු පැදිය ලොරියට යට වී තිබේ. මොහු වවුනියාව, ඊරට්ටපෙරියකුලමේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිසිය ලොරි රථයේ රියැදුරාව අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය ව්‍යාපාරිකයාගේ මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව මහ රෝහලට රැගෙන යෑමෙන් පසුව පරීක්ෂණ සිදුකොට අවසන් කටයුතු ඉටු කිරීම සඳහා ඥාතීන් වෙත භාර දී තිබේ. මෙම අනතුර සම්බන්ධයෙන් ඊරට්ටපෙරියකුලම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment