කම්කරු ඇමැති අද EPF වෙත දුන් සහතිකය

232

සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. බදු පැනවීමක් සිදුවන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සතු මුදල් සඳහා නොවන අතර අරමුදල සතු මුදල් ආයෝජන කිරීමෙන් පසුව ලබන ලාභයට සියයට 14ක ප්‍රතිශතයක් ලෙස පමණක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ණය ලබාගෙන ඇති මූලාශ්‍රවලින් බහුතරයක් ගෙන තිබෙන්නේ EPF- ETF අරමුදල් මගිනුයි. මේ ගැන විවාදයක් ඇතිව තිබෙන්නේ ද එම නිසයි. එහිදී ඇතැමුන් ප්‍රශ්න කරනවා දේශීය ණය ප්‍රශස්තකරණය බැංකුවලට අදාළ නොකළේ ඇයි කියලා. ඒ සදහා අපට දියහැකි පැහැදිළි පිළිතුර වන්නේ, බැංකුවලින් සියයට 30ක බදු අයකිරීමක් අඛණ්ව සිදු කෙරෙන බවයි. ඒ අනුව අපි රජයක් ලෙස පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඉදිරි කාලය සදහා මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථකව සිදු කරනවා වගේම මහජන අරමුදල්වල සාමාජිකයන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට පොරොන්දු වූ 9%ක ප්‍රතිලාභය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරනවා. මිලියන 2.4ක් වන අපගේ ශ්‍රමිකයිකයින්ගෙන් එක් අයෙකු සතුව අද වන විට බැංකුවේ ලක්ෂ 10ක් ඇත්නම් එම මුදලට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment