බංග්ලාදේශය 265/08යි

158

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි සිව් දෙනාගේ වටයේ ඉන්දියාව සහ බංගලාදේශය අතර තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ආරම්භ විය.පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 265ක් ලබා ගත්තේය.ෂකීබ් අල්හසන් 80,තව්හිද් හරිදෝ 54යි.පන්දු යැවීමේදී ෂර්දුල් තාකූර් 65/3 යි. මේ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 04ක් අවසානයේ දී කඩුලු 02ක් දැවී ලකුණු 22ක් ලබා සිටී.රෝහිත් ෂර්මා ලකුණු නොලබාම දැවී ගිය අතර තිලක් වර්මා ලකුණු 05කට දැවී ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment