පොලිසියට චණ්ඩි පාට් දැමූ තරුණිය අත්අඩංගුවට

464

මුව ආවරණ නොපැළඳ මාර්ගයේ ගමන් කළ වරදට යතුරුපැදිකරුවකුගේ රියැදුරු බලපත්‍රය ලබාගැනීමේ සිද්ධියකට උරණ වී පොලිස් නිලධාරියකු හමුවේ කලහකාරී ලෙස හැසිරුණ තරුණියක බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම තරුණිය හා රථවාහන රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයා අතර ඇතිවූ සිද්ධිය එම ස්ථානයේ සිටි කිසිවකු විසින් සමාජ මාධ්‍ය ජාලාවෙත යොමුකර තිබූ අතර සිද්ධිය වී ඇත්තේ බොරැල්ල මංසන්ධියේදීය.

 රියැදුරු බලපත්‍රය ඉල්ලමින් අදාළ තරුණිය කෑ කෝ ගසමින් පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැණ වදින අතරේ පොලිස් නිලධාරියා තරුණියට පහරදීමට උත්සාහ ගන්නා අයුරු ද දක්නට ලැබිණ. කෙසේ හෝ තරුණියගේ කෑ කෝ ගැසීමෙන් පසු අදාළ රියැදුරු බලපත්‍රය හිමිකරුවාට ලබාදීමට අදාළ පොලිස් නිලධාරියා කටයුතු කර ඇත.

 පසුව මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ පොලිසිය සැකකාර තරුණිය හා ඇගේ යෙහෙළියත් සමග සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර තරුණිය මූලික ප්‍රශ්න කිරීම්වලින් පසුව අධිකරණ වෛiවරයකු වෙත යොමුකර තිබේ. සෙසු සැකකාරිය හා සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

 කෙසේ වෙතත් මොවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගත් බවටද පොලිසිය කියා සිටී. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment