කුරුණෑගල සෙනග අඩුවක්

167

නිරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වූ මසක පමණ කාල සීමාවකින් පසු කුරුණෑගල නගරය සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන් සඳහා විවෘත විය. නගරයේ වෙළඳ සල් විවෘත වුවත් නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් දැකගැණීමට හැකිවිය. මේ දිනවල දවස පුරා වරින්වර කුරුණෑගල නගරයට සහ අවට ප‍්‍රදේශවලට අයහපත් කාළගුණ තත්වයක් පැවතීමද මෙයට හේතුවක් වී ඇත.

කුරුණෑගල නගරයේ මහ වීදිය” පැරකුම්බා වීදිය ඇතුළු සෙසු වීදිවල වෙළඳ සල් විවෘත වී තිබුණු අතර වෙළඳ සල් හිමියන් නිරෝධායන ඇඳිරි නීතිය නිසාවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටි බව ඔවූහු පැවසූහ.

ආර.එම.ඩබ්ලිව. බණ්ඩාර –- කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment