උපන් නැකතට නව වසරේ ඔබගේ කලදසාව

5122

උදාවන 2024 වසරේ දී තමාගේ කලදසාව කෙසේ වේවිද යන්න බොහෝ දෙනකුට ඇති ගැටලුවකි. ඔබ ජන්මලාභය ලත් මොහොතේ පවතින ග්‍රහ තත්ත්වයට අනුව එදිනට යෙදෙන නැකතක් තිබේ. එම නැකත ඔබ උපන් නැකතයි. ඒ අනුව ලැබුවා වූ 2024 වසර ඔබට, ඔබගේ නැකතට කෙසේ දැයි විමසා බලමු. මෙවර දැනුම්වත් කිරීම ඔබේ උපන් නැකත අනුව 2024 වසරේ දී ඔබට ලැබෙන සුබ අසුබ පිළිබඳවයි.

අස්විද :- අතමිට සරු වසරක්

යුතුකම් ඉටු කරමින් සාධාරණව තම ජීවිතය පවත්වාගෙන යන අතර, අන්‍යයන්ට ද උදවු උපකාර කරන්නට අවකාශ සැලසෙන කාලයකි.

අන්‍යයන්ගේ සිත් දිනාගෙන ඉතා ගෞරවාන්විතව තම කටයුතු කර ගැනීමට වාසනාව ලැබෙන වසරකි. පසුගිය වසරේ දී අතපසු වී තිබුණු අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අවස්ථාව සැලසේ. එම නිසා වසර ආරම්භයේ දීම නිසි සැලසුමක් ඇතිව සියලු කටයුතු ආරම්භ කරන්න. රැකියාවලින් උසස් වීම් හිමි වීමට භාග්‍යය තිබෙන අතර, නව රැකියා අවස්ථා ද හිමිවේ. 2024 වසර ඔබේ අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට භාග්‍යය සලසන වසරකි. එබැවින් උනන්දුවෙන් කටයුතු කරන්න. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට දැනුමෙන් පරිපූර්ණ විය හැකි අවස්ථා සහ පහසුකම් ලැබෙන වසරකි.

බෙරණ – මංගල යෝග උදාවන යහපත් වසරක්

සිකුරුට අයත් බෙරණ නැකතින් උපන් ඔබට සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. තම වැඩ කටයුතු සිතන අයුරින් ඉටුකර ගැනීමට ලැබෙන අතර අවිවාහක අයට මංගල යෝග උදාවන යහපත් වසරක් වනු ඇත. ඉඩකඩම් දේපළ වැනි දෑ ලැබීමට යහපත්වන අතර වසර අවසානය වනවිට අසනීප නිසා ටික දිනක් හෝ එක තැනකට වී සිටීමට ද සිදුවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් උත්සාහයෙන් යුතුවම කටයුතු කරගෙන යෑමට සිදුවන අතර රැකයා කටයුතු වල නිරත වන අයට ස්ථාන මාරු වැනි දෑ ඇතිවනු ඇත. හිතේ ස්ථිර ගතියක් ඇතිවනු ඇත. හමේ රෝග, උෂ්ණ රෝග වැනි අමාරු ඇති වීමට ද ඉඩ තිබේ.

කැති :- අභියෝග අතරින් ජය

රවිට අයත් කැති නැකතින් උපන් ඔබ නීතියට යුක්තියට සමාදානයට කැමති වසරක් වන අතර කරන කියන දෙයක් වුවත් එළිපිටම කරන ගතියක් ඇතිවේ. වැඩකටයුතුවලට දක්ෂ වන අතර කරන කියන දේ ඉතා හොඳින් කරයි. රැකියා කටයුතුවලට ද යහපත් වේ. ඇස්වල උදරය ආශ්‍ර්‍රිත පීඩා ඇතිවිය හැකි අතර ගෘහ ජීවිතයේ යම් යම් කරදර ද ඇතිවනු ඇත. ඕනෑම භාරධුර කටයුත්තකට අත ගසන්නට හැකියාව මේ වර්ෂයේ දී ඔබට අවස්ථාව සැලසේ. විනෝදකාමී බවට වැඩි ප්‍රවණතාවක් ඇතත් දියුණු තත්ත්වයකට පැමිණේ. එයින් ඔබගේ ජීවිතයට ආශිර්වාද රැසක් ලැබේ.

රෙහෙන – වාසනාවන්ත දරුවන් ද ලැබෙනු ඇත

සඳුට අයත් රෙහෙන නැකතින් උපන් ඔබට මෙම වසර සතුට උපදවන වසරක් වනු ඇත. ආගම දහම කෙරෙහි ලැදි බවකින් යුතුව කටයුතු කරන අතර නිරත ගමන් බිමන් ද යෙදෙනු ඇත. අන් අයගේ දුකට පිහිට වීමෙන් සතුටක් ද ලබනු ඇත. දරුවන් බලාපොරාත්තුවන අයට වාසනාවන්ත දරුවන් ද ලැබෙනු ඇත. වරින් වර සෙම් අමාරු නිසා පීඩා ඇතිවන අතර ජලයෙන් ප්‍රවේශම් වියයුතු කාලයකි. මෙතෙක් තමාගේ කටයුතු වලට පැවැති බාධා අවම වීම සිදුවන අතර සිතට සතුටක් ඇතිව කටයුතු කිරීමට ද ලැබෙනු ඇත. පදිංචි ස්ථානයේ හෝ රැකියා ස්ථානයේ හෝ නිදා ගන්නා තැනවත් වෙනස්වන කාලයකි.

මුවසිරස :- වියදම් අධික කාලයක්

අඟහරුට අයත් මුවසිරස නැකත ආරම්භ වන මෙම වසර ඔබට ද ශුභාශුභ මිශ්‍රඵල ඇතිකරන වසරක් වන අතර දැඩි උත්සහයකින් යුතුව තම කටයුතු කරගෙන යෑමට සිදු වනු ඇත. ඔබගේ උප්පත්ති ග්‍රහචාරය අනුව කරගෙන යන කටයුතුවලට විවිධ බාධා ගෙනදෙන අතර විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. ඥාති වියෝවීමක් පිළිබඳ පුවතක් අසන්නට ලැබෙන අතර දරුවන්ගේ කටයුතුවලට ද බාධා ගෙන දෙනු ඇත. පලක් නැති ගමන් බිමන් යෙදෙන කාලයක්. උෂ්ණ රෝග, බඩේ අමාරු, මුත්‍රා අමාරු වැනි දෙයින් ද වරින් වර පීඩා ඇතිවනු ඇත. නිතර විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමට බලන අතර ගෙදර දොර කටයුතුවලට ද විවිධ බාධා ගෙන දෙනු ඇත. වියදම් අධික කාලයක් වන අතර ස්නායු හෝ නහර සම්බන්ධ පීඩාකාරි තත්ත්වයන් නිසා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සිදුවනු ඇත.

අද :- ආදායම් මාර්ග

රාහුට අයත් අද නැකතේ උපන් ඔබට යහපත් කාලයක් වන අතර පවුලේ දියුණුවට කටයුතු සිදුවනු ඇත. මිල මුදල් ලැබීමට යහපත් වුවත් වියදම් වැඩි කාලයක් වන අතර උසස් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සර්ථක කරගෙන යෑමේ හැකියාවක්ද ඇතිවනු ඇත. ඉඩකඩම් දේපළ ලැබීමට යහපත් වන අතර යොදාගත් කටයුතු කීපයක්ම සාර්ථක ලෙස කරගෙන යෑමට ද හැකි වනු ඇත. ආදායම් මාර්ග කීපයක්ම කරගෙන යෑමට මාර්ගය සෑදෙන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් වනු ඇත. උෂ්ණ රෝග ලේ විෂවීම් නිසා වරින්වර පීඩා ගෙනදෙන කාලයක් වනු ඇත. මෙම වසර තරමක හිතේ චංචල සහගත බවකින් කටයුතු කරගෙන යෑමට සිදුවන වසරක් වනු ඇත. මංගල යෝග උදාවන කාලයක් බැවින් විවාහ වීමට බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වන කාලයකි.

ආහාර නොදිරවීමේ රෝග, සෙම් අමාරු ආදියෙන් පීඩා ඇතිවන කාලයයි.

පුනාවස:- ලැබීම් සහිතයි

ගුරු ග්‍රහයාට අයත් පුනාවස නැකතින් උපන් ඔබට මෙම වසර පදිංචි ස්ථානයේ සුබ සිද්ධිය පිණිස වැඩි උනන්දුවක් ඇති වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට ජයග්‍රාහී වසරකි. එහෙත් යම් යම් බාධක, අපල, අසනීප මතුවිය හැකි බැවින් බ්‍රහස්පතින්දා දිනවල බෝධිපූජාමය කටයුතුවලට සහභාගී වන්න. ලැබීම් අතින් සතුටු විය හැකි මට්ටමක් පවතී. ඔබගේ ග්‍රහචාර අනුව යහපත් ප්‍රතිඵල දෙන වසරකි. වසර මැද පදිංචි ස්ථානයේ දියුණුවකට කරුණු යෙදෙන අතර ස්ථාන වෙනසක් ද ඇතිවනු ඇත. නිතර වැඩකටයුතුවල යෙදී සිටීමට කැමැත්තක් දක්වන අතර විදේශ ගත වීම්වලට ද යොමුවනු ඇත. ඉගෙනීමේ කටයුතුවල නිරත වන අයට ඒ සඳහා බාධා ගෙන දෙනු ඇත. උත්සාහයෙන් යුතුවම කටයුතු කරගෙන යෑමට ද ලැබෙන අතර අන් අයගේ වචනයට අහුම්කන් දී කටයුතු කිරීමෙන් යම් දියුණු තත්ත්වයක පැමිණීමට ද හැකි වනු ඇත. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවකින් යුතුව කටයුතු කරන අතර ක්‍රමානුකූල වැඩ කරගෙන යෑමෙන් ජයග්‍රහණයක් අත්කර ගැනීමට ද හැකිවනු ඇත.

පුෂ :- පිනට දහමට වැඩි නැඹුරුවක්

ඔබගේ මෙම වසර තරමක් දුරට ශුභඵල අත්කර දෙන වසරක් බව පෙනේ. අලුතින් කටයුතු ආරම්භකර කරගෙන යෑමට හැකිවන අතර විදේශ ගතවීම්වලට ද කරුණු යෙදෙනු ඇත. අන් අය අතර හොඳ හිත දිනා ගනිමින් කටයුතු කිරීමට හැකිවන අතර පලක් නොමැති දෙයට පවා කාලය මිඩංගු කරයි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. තදබල රෝගයක් නැත. උත්සාහයෙන් යුතුවම සෑම දෙයක්ම කරගෙන යෑමට සිදුවන කාලයක්වන අතර පැවැති උත්සාහය, උනන්දුව අඩුව යනු ඇත. නොකළ වැරදිවලට පවා චෝදනා එල්ලවන කාලයක් බැවින් කරන කියන කටයුතු වලදී බොහෝ ප්‍රවේශම් විය යුතුය. හදිසි අනතුරු, තුවාල කැඩුම් බිඳුම් වැනි දෙයට පවා ලක්වීමට ඉඩ තිබේ.

අස්ලිස:- දරුපල සඵල වෙයි

දරුපල ප්‍රමාද වීමෙන් කනස්සල්ලෙන් සිටි අයගේ පැතුම් ඉටුවෙන වසරකි. හැකිතාක් දැහැමිව කටයුතු කරන්න. රැකියා, ව්‍යාපාර කටයුතු සඳහා මහත් කැපකිරීමක් කිරීමට සිදුවේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් වූ ග්‍රහබල ශක්තීන් මතු කෙරෙන කාලයකි. රැකියා කටයුතු වලට යහපත් වන අතර විශේෂයෙන් බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය ලැබීමට හැකිවනු ඇත. නිදහසට තදින්ම ගරු කරන කාලයක් වන අතර ඉක්මන්වී කලබලකාරි ලෙස කටයුතු කරන අවස්ථාවන්ද ඇතිවේ. අදහස් පතළ කිරීමේ ශක්තිය ද ලැබෙනු ඇත. මෙම වසර ඥානය ගෙන දෙන වසරක් වන අතර ඉගෙනීමේ කටයුතු වල යෙදෙන අයට ශුභඵල අත්කර ගැනීමට ද හැකිවන කාලයක් වනු ඇත. පොතට පතට ලිවීමට කියවීමට ආශාවක් දක්වන අතර ගුප්ත ශාස්ත්‍ර වැනි දැ ඉගෙනීමට ද යහපත් වේ. හමේ රෝග ලේ වලින් පිටවිය යුතු විෂ හරියාකාරව පිට නොවීමෙන් සෑදෙන අමාරු සෑදීමට ද ඉඩ තිබේ.

මා :- කලා කටයුතුවලට සුබයි

කේතුට අයත් මා නැකතේ උපන් ඔබට මෙම වසර කලා කටයුතුවල නියැළීමට හා පොත පතේ දැනුම වැඩි දියුණු වන වසරකි. අන්‍යයන්ට කරදරයක් නොවී තම දියුණුව සලසා ගැනීමට උනන්දු වේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අසරණ දරුවකුට පොතපත පරිත්‍යාග කිරීමෙන් වසර පුරා චිත්ත ශක්තිය වර්ධනය කරගත හැකිය.

පවුලේ දියුණුවට කටයුතු සිදුවනු ඇත. මිල මුදල් ලැබීමට යහපත් වුවත් වියදම් වැඩි කාලයක් වන අතර උසස් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සර්ථක කරගෙන යෑමේ හැකියාවක් ද ඇතිවනු ඇත. ඉඩකඩම් දේපළ ලැබීමට යහපත් වන අතර යොදාගත් කටයුතු කීපයක්ම සාර්ථක ලෙස කරගෙන යෑමට ද හැකි වනු ඇත.

පුවපල් :- මිතුරු ඇසුර වැඩි වෙයි

ඔබට සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. තම වැඩ කටයුතු සිතන අයුරින් ඉටුකර ගැනීමට ලැබෙන අතර අවිවාහක අයට මංගල යෝග උදාවන යහපත් වසරක් වනු ඇත. ඉඩකඩම් දේපළ වැනි දෑ ලැබීමට යහපත්වන අතර වසර අවසානය වනවිට අසනීප නිසා ටික දිනක් හෝ එක තැනකට වී සිටීමට ද සිදුවිය හැකිය. ආගම දහම කෙරෙහි ලැදි බවකින් යුතුව කටයුතු කරන අතර නිරත ගමන් බිමන්ද යෙදෙනු ඇත. අන් අයගේ දුකට පිහිට වීමෙන් සතුටක් ද ලබනු ඇත. දරුවන් බලාපොරාත්තුවන අයට වාසනාවන්ත දරුවන්ද ලැබෙනු ඇත. වරින් වර සෙම් අමාරු නිසා පීඩා ඇතිවන අතර ජලයෙන් ප්‍රවේශම් වියයුතු කාලයකි. මිතුරු ඇසුර වැඩි වෙයි.

උත්‍රපල් :- උගත් බුද්ධිමත් අයගේ ඇසුර

රවි ග්‍රහයාට අයත් උත්‍රපල් නැකත හිමි ඔබට මෙම වසර ඇසුරු කරන්නට ලැබෙන බුද්ධිමත් ඥානවන්ත අයගෙන් ලැබෙන ගුරුහරුකම් ජීවිතයට සාර්ථක කර ගැනීමට උපකාරයකි. ජීවිතය මනා සැලැසුමක් ඇතිව පවත්වාගෙන යෑමට ඉඩ සැලසෙන අතර අසීරුතා ද මගහැරී යයි. ජයග්‍රහණ ලබයි. අසනීප, අපල පවතින බැවින් ඒවාට පිළිවෙත් කරගන්න. මේ වසර තුළ ඔබට අන්‍යයන්ගේ ගැටලුවලට උදවු උපකාර කරන්නට වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ. මුදල් හදල් ලැබීම් අතින් ශක්තිමත්ය. වචනය ප්‍රියමනාපව හසුරුවා ගැනීමට සමත් වේ. ඒ නිසා මිතුරු සංගමය ද වැඩි වේ. අධ්‍යාපනික කටයුතු සඳහා තරමක බාධා මතුවන බැවින් වත් පිළිවෙත්වළට යොමු වීම වැදගත්ය.

හත :- විදෙස් ගමන් සඵල වෙයි

ඔබගේ නැකත් අධිපති සඳු ග්‍රහයා ගමන් කරමින් සිටිය දී ආරම්භ වන මෙම වසර පසුගිය වසරේ ඔබේ සිත තුළ පැවැති අපේක්ෂා සහ අරමුණු ඉටුකර ගැනීමට බාධා පැමිණියේ නම් මේ නව වසර තුළ ඒවා ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාව ලැබේ. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටි අයට සුබඵල අත්වන බවක් දක්නට ලැබෙයි. දරුවන්ගේ ජයග්‍රහණ දැක සතුටු වෙයි. මංගල යෝග උදාවන කාලයක් බැවින් විවාහ වීමට බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වන කාලයකි. අධ්‍යාපනයට බර වූ වසරකි. නිතර නිතර උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීමට අවස්ථාව සැලසේ. නව ඉදිකිරීම්, නිවාස ඇස්තමේන්තු ගත කිරීම් වැනි ක්ෂේත්‍රයන්හි රැකියා ලාභ තමාට හිමිවෙයි.

සිත :- සතුරු කරදර ඉවතට

කුජට අයත් සිත නැකතේ උපන් ඔබ අලංකාර විසිතුරු ඇඳුම් පැලඳුම්වලට වැඩිපුර මුදල් වියදම් කරයි. සතුරු කරදර ඉවත් වෙයි. ගෘහ ජීවිතයේ ගැටලු මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. වසර ඔබ ආරම්භ කළ යුත්තේ දහමට නැඹුරුවය. උදේ හෝ සවස බුදුන් වැඳ දෙවින්ට පින් දීමෙන් කරන කියන කටයුතුවලට ආශිර්වාද ලබාගැනීමටත් අපල අවම කර ගැනීමටත් අවස්ථාව ලැබේ. කෙසේවුවත් මේ වසර ඔබට ජයග්‍රාහී එකක්ම වනු නිසැකය. උත්සාහය, කැපවීම මත ඔබ වඩාත් ආදර්ශවත් පුද්ගලයකු බවට ද පත්වනු ඇත. ඇසුරු කරන අය අතර ඉවසිලිවන්තව වන්න. අනවශ්‍ය බැඳීම්, අනියම් සබඳතාවලට හසු නොවී සිටීමට වග බලා ගන්න.

සා :- ප්‍රීතිමත් ගෘහ ජීවිතයක්

රාහු ග්‍රහයාට අයත් නැකතක් වන සා නැකතින් උපන් ඔබගේ මෙම වසර ශුභඵල අත්කර දෙන වසරක් බව පෙනේ. මේ උදාවූ නව වසර ඔබට ඉතා යහපත් වේ. ගෙදර දොර දියුණුව දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඵලතාවයට පැමිණේ. එහෙත් කලබලකාරී බවින් මිදෙන්න. ආවේගශීලී අවස්ථාවලදී නිහඬ වන්න. ප්‍රාථමික අංශවල ඉගෙන ගන්නා දරුවනට ඉගෙනුම් වැඩවලට බාධා මතුවිය හැකි බැවින් ඒවාට ප්‍රතිකර්ම යොදන්න.

විසා:- රජයේ දීමනා වරප්‍රසාද හිමිවෙයි

අධ්‍යාපන කටයුතු කීපයක් සාර්ථක වන වසරකි. තරග විභාග ජය, විදෙස් ශිෂ්‍යත්ව ලාභ ලැබෙන කාලයකි. තම උත්සාහයේ තරමට ප්‍රතිඵල ළඟා කර ගත හැකි වේ. මැණික් ලාභ මතු කරන වසරකි. රජයේ දීමනා වරප්‍රසාද හිමිවෙයි. පෙම් සබඳතා සාර්ථක වන වසරකි. දරුවන්ගේ කටයුතු පිළිබඳව ප්‍රගතියක් ඇති කරන වසරකි. නිවසට අවශ්‍ය දෑ නිතර නිතර තමාට ලැබෙන කාලයකි. වාසනාව, ප්‍ර්‍රීතිය නිරතුරුවම සතුට ඇති කරන හේතු කාරණා යෙදේ. අලුත් වස්ත්‍ර, දේපළ ලාභ තමාට හිමිකර දෙයි. ඖෂධ නිෂ්පාදන කටයුතු සම්බන්ධව තමාට විශේෂ පුහුණුවක් ලැබෙයි. ගණිත, මිනිත සම්බන්ධව නව නිපැයුම් සිදු කළ හැකි වසරක් වෙනු ඇත. වසර අවසානය නිවාස ලාභ හිමිකම් තමාට ඇතිවේ. වැඩිහිටියන්ගේ වගකීම් පිළිබඳව වැඩි කාලයක් යොදවන්න.

අනුර:- රැකියාවේ උසස් වීම් සහ නව රැකියා

නව දැනුම් සම්භාරයකින් යුතු ඔබ මේ වසරේ දී අතිශය කාර්යබහුල අයකු බවට පත් වේ. කිසිවකුටත් අත නොපා තම ජීවිතය පවත්වාගෙන යා හැකි අතර, දුවා දරුවන්ට නිසි අධ්‍යාපනයක් සලසන පුද්ගලයකු ලෙස ද ගොඩ නැඟේ. ඔබේ දියුණුව ස්ථිරව සැලසෙන වසරකි. ලැබීම් අතින් යහපත් වාසනාවන්ත වසරකි. හිතවතුන් සහ තමාගෙන් උදවු ලබාගන්නට එන අය දෙස අනුකම්පා සහගතව බලයි. මෙලොව පරලොව දෙකේම යහපත ගැනම සිතා පුණ්‍ය කටයුතුවල නියැළෙන බවක් දක්නට ඇත. දූ දරුවන්ට අධ්‍යාපනික ජයග්‍රහණ ද හිමි වේ.

දෙට:- අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වේ

උදා වූ නව වසර තුළ ඔබට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වේ.

එහෙත් ඔබට ඒවා ජයග්‍රහණය කිරීම අපහසු නැත. අත, පය තුවාල වීම්, වන වසරක් බැවින් නිතර තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. ආගමානුකූල කටයුතු සිදුකිරීම මානසික සුවයට සහන ගෙන දෙයි.

පෙම් සබඳතා ඇති කර ගැනීමෙන් අවුල් තත්ත්වයක් පැන නඟී. වසර අවසානයට පෙර නිවෙසේ ආගමික උත්සවයක් පවත්වයි. පොත්පත් කටයුතු කෙරෙහි උනන්දුවීම තමාට වාසිදායක වෙයි.

හදිසි තීරණ ගැනීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු කරන්න උදෑසන මෝර පිරිත කීයවීම හෝ ශ්‍රවණය කිරීමත් පන්සිල් ගැනීමෙන් අනතුරුව සූර්ය දිව්‍ය රාජයාට ද පින් දීමත් මගින් අපල සමනය කරගත හැකිය.

මුල:- තැන්පත් ධනය ඉහළට

කේතු හිමි මුල නැකතින් උපන් ඔබට මෙම වසර ශුභා ශුභ මිශ්‍රඵල අත්කර දෙන වසරක් වනු ඇත. මුදල් ලැබීමට යහපත් වන අතර විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටින්නේ නම් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට ද හැකිවනු ඇත. කම්මැලි අලස ගතියක් ඇතිවන අතර නිතර නිදිමත ගතියක් ද ඇති වේ. ස්නායු සම්බන්ධව මෙන්ම ඇස් සම්බන්ධ පීඩාකාරි තත්ත්වයක් ද ඇති කරයි. අන්‍යයන්ගේ දුකට පිහිටවන ගතියක් ඔබ තුළ පිහිටයි. කරන කියන රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන හිමිවෙන අතර, තැන්පත් ධනයක් ද පවත්වා ගත හැකි වේ. පොත පතේ දැනුම වර්ධනය වේ.

පුවසල:- පදිංචියේ වෙනසක් වෙයි

මිශ්‍රඵල උදාකර දෙමින් ආරම්භ වන වසර තමාට තරමක පීඩා ගෙන දෙයි. යොදාගත් කටයුතු කීපයක් වෙනස් කර දමයි. දූ දරුවන්ගේ කටයුතු හේතුවෙන් සිත් පීඩා ඇති කර ගනී. හවුල් ව්‍යාපාර කටයුතුවලට එක් නොවන්න. කලට වේලාවට තමාගේ කටයුතු කර ගැනීමට අවස්ථාවක්

නොලැබෙයි. බුද්ධියෙන් සිතා කටයුතු කිරීමට උනන්දු වන්න. මෙම වසර ඔබගේ කටයුතු තරමක් දුරට ඉෂ්ට කර ගැනීමට අවස්ථාව සැලසේ. නිතර නිතර ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීමෙන් රෝග තත්ත්වය උත්සන්න වෙයි. වසර මැද දී ගනු ලබන තීරණ හේතුවෙන් පදිංචියේ වෙනසක් වෙයි.

පොත්පත් සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් තමාට ගරු, නම්බු හිමිවෙයි. සමාජයේ පොදු කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. දුර බැහැර ගමන් පිළිබඳව දෙවරක් සිතා එක්වන්න. ගින්දර, ජලය නිසා අනතුරු ඇතිවන වසරකි.

උත්‍රසල- රැකියාව සම්බන්ධ වැදගත් තීරණ ගන්නා වසරක් වෙනු ඇත

තම උත්සාහයෙන් නැඟී සිටින ආදර්ශවත් චරිතයක් බවට පත් විය හැකිය. 2024 වසර ඔබේ ජයග්‍රාහී වසරයි. ඔබ යටතේ තවත් කිහිප දෙනෙකුට ජීවනෝපාය මාර්ග සකසා දීමට වුව ද හැකිවේ. රැකියාව සම්බන්ධ වැදගත් තීරණ ගන්නා වසරක් වනු ඇත. ප්‍රධානීන් සමග ගැටුම්වලට එක්වීමට යොමු නොවන්න. රසවත් ආහාර පාන නිතර ලැබෙන කාලසීමාවකි. ගෙදර දොර වැඩිහිටි පිරිස වැඩි වෙයි. ආගන්තුක සත්කාරයෙහි නිරත වීමට වැඩි කැමැත්තක් ඇති කරයි. වසර අවසානය මවට පියාට අපල ගෙන දෙයි. ඔබ ප්‍රබල චරිතයක් මෙන්ම ආදර්ශවත් පුද්ගලයකු ලෙස සමාජයේ පිළිගැනීමට සහ අවධානයට පාත්‍ර වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට ද නිවැරදි මාවතකට අවතීර්ණ වීමේ වාසනාව සැලසේ.

සුවණ :- වාද විවාදයට නොයන්න

පදිංචි ස්ථානයේ දියුණුව සැලසෙන, දූ දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඵල වන වසරකි. නිරවුල් මනසකින් කටයුතු කළ හැකි වාතාවරණයක් සැකසෙන අතර මේ වසරේ දී ස්ව උත්සාහයෙන් නැඟී සිටීමට උනන්දු වන්න. හැකිතාක් මානුෂික ධර්මතා හඳුනාගෙන අන්‍යයන්ට උපකාර කරන්න. වැඩිහිටි දරුවන්ගේ කටයුතුවලින් විවේකයක් ලබයි. මුල් මාස කීපය අධ්‍යාපන කටයුතු කීපයක ජයග්‍රහණයන් උදාකරගනී. ගින්දර සම්බන්ධව කටයුතුවල යෙදෙන වෘත්තිකයන්ට පරෙස්සම් වියයුතු වසරකි. තමාට වැදගත් නොවන අය හා වාද විවාදයට නොයන්න.

දෙනට :- මැණික් වාසනා මතු කරන වසරකි

පොළොව සම්බන්ධ කටයුතු කරන හා රැකියාවල නිරතවූවන්ට ලාභ ගෙනදෙයි. හදිසි මැණික් වාසනා මතු කරන වසරකි. විදෙස්ගතව අධ්‍යාපනය හදාරන අයට වැඩි වාසි සැලසෙයි. පෙර වසරේ නිමාවට පත්කරගත නොහැකි වූ කටයුතු කීපයක් නිමාවට පත් වේ. රථවාහන සම්බන්ධ රැකියා කරන අයට වැඩි ලාභ අත් කර ග හැකි වෙයි. වසර ආරම්භ වන්නේ ඔබට රජයේ උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමටයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කීපයක් සම්බන්ධව ඔබට වගකීම් දැරීමට සිදුවෙනු ඇත. වසර මැද කාලය උදා වනවිට දෙමාපියන්ගේ කටයුතු කීපයක් වෙනුවෙන් පිට ප්‍රදේශයකට යෑමට සිදුවේ. රජයට සම්බන්ධ තරග විභාග ආදියට පෙනී සිටී. වසර මැද කාලය තමාට හා දරුවන්ට පවුලෙන් ඈත් වී සිටීමට කරුණු කාරණා යෙදේ. වසංගත රෝග තත්ත්වයන්ට මුහුණපායි. වසර අන්තිම කාලය නේවාසිකව තමාට කාලය ගත කිරීමට සිදු වෙනු ඇත.

සියාවස:- බොහෝ ලැබීම් සහිතයි

මේ වසර තුළ ඔබ ඔබේ විය පැහැදම් ගැන සැලකිලිමත් විය යුතුය. අවශ්‍ය දෑ පමණක් තෝරා බේරා ගෙන හැකිතාක් බුද්ධිමත්ව මුදල් වියදම් කරන්න. එවිට මේ වසර ඔබට ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීමට හැකියාව ඇත. අධ්‍යාපනය ලබන දූ දරුවන්ද නිතර ආගම දහමට යොමු වී කටයුතු කිරීමෙන් සුබඵල ළඟාකර ගතහැකි වේ. ඉඩකඩම් හෝ ගෙවල් දොරවල් හිමිකර ගැනීමේ භාග්‍යයක් පවතී. ආත්ම ශක්තිය,

කාර්යශූර බව යහපැවැත්ම නිසා ඔබේ අනාගත සැලසුම් ක්‍රියාත්මක කර ගැනීම පහසු වේ. විදෙස් ගමන් ද සඵල වේ.

පුවපුටුප – විවිධ ජයග්‍රහණ අත්කර ගනී

ඔබ දිරියෙන් ශක්තියෙන් හා මනා කළමනාකාරිත්වයකින් යුතුව අනාගත සැලසුම් ක්‍රියාත්මක කරයි. විරුද්ධවාදීන් සිටියේ නම් ඒ අය ද ඔබේ මිතුරන් බවට පත්වන කල දසාවකි. විවිධ ජයග්‍රහණ අත්කර ගනී. කිසිම විටෙක අන්‍යයන්ගේ උදවු උපකාර බලාපොරොත්තු නොවී මේ වසර සැලසුම් සහගතව කටයුතු කිරීම ඔබේ දියුණුවට හේතු වේ. ධනය සහ දේපළ හිමි වීමේ භාග්‍යය ද ලැබෙන මේ වසර ඔබේ ජීවිතයට සාර්ථකත්වය උදා කරයි. වැඩිහිටි සහෝදරයන්ගෙන් උපකාර හිමිවන කාලයකි. රථවාහන කටයුතු පිළිබඳව වැඩි කාලයක්, වේලාවක් ගත කිරීමට සිදුවෙනු ඇත. වසර අවසානය පොත්පත් ලිවීම පිළිබඳව අවධානය යොමු වෙයි.

උත්‍රපුටුප:- ජයග්‍රහණ රැසක්

ඔබට මේ වසරේ දී ජයග්‍රහණ රාශියක් අත්කර ගත හැකිය. ඔබ සිතන පතන ආකාරයට ම දියුණුවට මාවත සැලසේ. මිශ්‍රඵල උදාකර දෙමින් ආරම්භ වන වසර ඔබට, ඔබගේ සහකරුට සහකාරියට සුබ වෙයි. අනාගත සැලසුම් යොදාගනී. වසර මැද උදාවන මාස කීපය විදෙස් ගමනක් යොදාගනී. විභාග ජය අත්වන කාලයකි. වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව රැකියා ලාභ ගෙන දෙයි. වසර අවසානය උදාවන්නේ දෙමාපියන්ගේ කටයුතු කීපයක් සාර්ථක කර දෙමිනි. ගෘහ ජීවිතය සාමදානයෙන් පවත්වාගෙන යෑමට හැකි වාසනාවන්ත කාල පරිච්ඡේදයකි.

රේවතී:- අධ්‍යාපනයෙන් ඉහළ ජයග්‍රහණ

මෙතෙක් පැවති ගැටලු නිරාකරණය කර ගැනීමටත් අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති යහපත් වූ වසරකි. ධනය හිඟ නොවේ. වන්දනා කිරීමට හෝ රැකියා කටයුතු සඳහා හෝ දීර්ඝ ගමන් යෙදිය හැකිය. දරුවන් ඉගෙනීමේ කටයුතුවලින් ජයග්‍රහණය ලබයි. ගෞරවය රැකෙන පරිදි ජීවිතය පවත්වා ගැනීම වැදගත් වේ. ඒ ඔබට නොගැළපෙන පුද්ගලයන්ගෙන් සිත් රිදීම් සහ කලකිරීම් පැමිණීමට ඉඩ ඇති බැවිනි. එහෙත් දරුවන්ගේ ජයග්‍රහණ නිසා ඔබට සතුටු විය හැකි වසරකි.

උපන් නැකතට නව වසරේ ඔබගේ කලදසාව

බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
ජ්‍යොතිෂවේදී, “තසුනි” සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය.
නො. 49/ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්ඩාරගම. දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment