දම්පෑලැස්සදී බසය හෙලකට පෙරළෙයි

437

17ක් රෝහලේ – කාන්තාවක් මරුට

අලව්වේ සිට නාරම්මල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊයේ (19 දා) දහවල් දම්පෑලැස්ස ප්‍රදේශයේදී හෙලකට පෙරළීයෑමෙන් 51 හැවිරිදි කාන්තාවක මියගොස් පුද්ගලයන් 17 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අධික වර්ෂාවක් පැවැති අවස්ථාවේ වේගයෙන් ධාවනය කර ඇති බස් රථය පාලනය කරගත නොහැකිව ගොස් මෙසේ පෙරළී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් හත්දෙනකු කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇති අතර සෙසු තුවාලකරුවෝ නාරම්මල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

බස් රථයේ රියැදුරු ද බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු ද කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ පුද්ගලයන් විසිදෙනකු පමණ බස් රථයේ ගමන් කර ඇති බව පොලිසිය පවසයි. බස් රථය හෙලට පෙරළී යෑමෙන් පසු ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව තුවාලකරුවන් ඉන් පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.

හේමන්ත රන්දුණු සහ මහරච්චිමුල්ල, සිසිර සරත් අබේකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment