කැසිනෝ බලපත්‍ර දීමට පෙර නියාමන අධිකාරියක් පිහිටුවන්න – හර්ෂ ද සිල්වා

47

මෙරට තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබාදෙන්නේ නම් ඊට පෙර ඒ සඳහා නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කළ යුතු බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28දා) පැවසීය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ නියමයන්ට මුදල් කාරක සභාව මේ අවස්ථාවේ අනුමැතිය දුන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව පළමු වරට තමයි කැසිනෝවලට බලපත්‍ර දෙන්න මේ පනත පනත ගෙන එන්නේ. සාමාන්‍යයෙන් ලෝකයේ කැසිනෝ බලපත්‍ර දෙනකොට කැසිනෝ නියාමන අධිකාරියක් තිබෙනවා. එවැනි නියාමන අධිකාරියක් යටතේ තමයි කැසිනෝ ක්‍රියාත්මක වෙන්නේ. මේකේ අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් මෙම පනත හරහා සම්පූර්ණ බලය දෙන්නේ අමාත්‍යවරයාට. වහාම කැසිනෝ බලපත්‍ර දෙන්න රජයට අවශ්‍ය වෙලා තිබෙනවා. අපි මුදල් අමාත්‍යවරයාට දැනුම් දුන්නා අවම වශයෙන් අපට කාලසටහනක් දෙන්න කියලා. මොකද නියාමන ආයතනයක් නැතිව පළමු වතාවට තමයි ලංකාව කැසිනෝ බලපත්‍ර දෙන්න යන්නේ. මේක පිළිගන්න අමාරුයි. අපිට මේ ගැන මීට වඩා වැඩපිළිවෙළක් අවශ්‍යයි.

සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා – කාරක සභාවේදීම ඔබතුමාට පුළුවන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ උපදේශය දෙන්න.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment