ජනපතිගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට ‘ටියුෂන් සර්’ අත්අඩංගුවට

1598

ඉකුත් 2022 වසරේ ජූලි මස 9 වැනිදා එවක අගමැති, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම 46 හැවිරිදි සැකකරු නිවෙස්වලට ගොස් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම් සිදුකරන අයෙකි.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී සිටිමින් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට හා නිවස පිහිටි ඉඩමට අයුතුව ඇතුළු වීම හා එහි දේපළ සොරකම් කිරීම යන චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (06දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment