තලිබාන් අන්තවාදීහු ප‍්‍රධාන පෙළේ ඇෆ්ගන් නගරයක් අල්ලා ගනිති

398

ඇෆ්ගන් රජයේ හමුදාවන් සමග පැවති දරුණු සටන්වලින් පසු තලිබාන් අන්තවාදීන් විසින්  ඇෆ්ගනිස්ථානයේ උතුරු දෙසින් පිහිටි ‘‘කුන්ඩුස්’’ නමැති ප‍්‍රධාන නගරය අල්ලා ගෙන තිබේ. අල්ලා ගත් නගරයේ ගුවන්තොටුපළ වහා සියතට ගත් තලිබාන් අන්තවාදීහු නගරය මධ්‍යයේ සිය ජාතික ධජය එසවීමට පියවර ගෙන තිබේ.

 නගරයේ බලය අල්ලා ගැනීම සඳහා රජයේ හමුදාවන් හා සටන් වැදුණු තලිබාන් අන්තවාදීන්ගේ ප‍්‍රහාරවලින් නගරයේ ගොඩනැ`ගිලි හා සාප්පු ගිනි ගැනීම නිසා බියකරු චිත‍්‍රයක් දිස් වන බව විදෙස් මාධ්‍ය පවසයි. ඉකුත් සිකුරාදා දිනයේ සිට තලිබාන් අන්තවාදීන් විසින් කලාපීය අගනගර හතරක් අල්ලා ගෙන ඇති අතර ‘‘කුන්ඩුස්’’ නගරය ඔවුන් විසින් මෙම වසරේ බලය තහවුරු කරගත් වැදගත්ම නගරය සේ සැළකේ.

advertistmentadvertistment
advertistmentadvertistment