‘තේ’ පුවත ගැන මණ්ඩලය කතා කරයි

236

සුපිරි පාඩුවට වගකිවයුතු ලොක්කා නිදැල්ලේ මැයෙන් ඉකුත් 31 වැනිදා දිවයින පත්‍රයේ පළවූ පුවත ගැන ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් (වැ.බ.) ජයන්ත එදිරිසිංහ මහතා කරුණු පැහැදිලි කිරීමක් අප වෙත එවා තිබේ.

තේ මණ්ඩලය කිසිදු නිලධාරියකු රු.මිලියන 10 ක වන්දියකට යටත් කර නැති බවත් පුවතේ සඳහන් අන්දමට තේ අපනයනකරුවන්ට හෝ තේ මණ්ඩලයට රු.කෝටි 2000 ක පාඩුවක් සිදුව නොමැති බවත් ඔහු පවසයි.

තවද 2022 ජුලි මස සිට බෞද්ධාගමිකයන් බඳවාගෙන ඇති බවත් තේ මණ්ඩලයට පැවරී ඇත්තේ තේ ප්‍රවර්ධන කාර්ය පමණකැයි ද එහි දැක් වේ.

කර්තෘ සටහන : අප වෙත ලැබුණු විශ්වාසනීය තොරතුරු පදනම් කරගෙන මුල් පුවත සටහන් වූ බව අවධාරණය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment