වන්දනාකරුවන් බියගන්වා බස් රථය පැහැරගෙන යෑමට තැත්කළ අය රක්‍ෂිතයට

55

සෝමාවතී චෛත්‍යය ආසන්නයේ බැංකු නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි වන්දනාකරුවන් බියගන්වා බස් රථයක් පැහැරගෙන යෑමට තැත්කර වන්දනාවේ පැමිණි අයකුට පිහියකින් පහරදීම යන චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගතවී සිටි රැඳවියන් අංක 1 මහෙස්ත්‍රාත් යූ. ඒ. එස්. කේ. වික්‍රමරත්න මහතා හමුවට ඉදිරිපත් කළ පසු මෙම මස 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පොලොන්නරුව බන්ධනාගාරයේ නිලධාරීන් විසින් රැඳවියන් පොලොන්නරුව අංක 1 මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත් වික්‍රමරත්න මහතා විසින් මෙම නියෝගය කළේය.

පුලස්තිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණු මෙම රැඳවියන් 20 දෙනා පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කළ පසු ඔවුන් මෙම මස 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

පිළියන්දල ප්‍රදේශයේ සිට සෝමාවතී චෛත්‍යය වැඳ පුදා ගැනීමට පැමිණ බැංකු නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටියදී නිවාඩු නිකේතනයට පැමිණි

රැඳවියන් වන්දනාකරුවන් පැමිණි බස් රථය පැහැරගෙන යෑමට උත්සහ කර බස් රථයේ යතුර නොදුන් පසු වන්දනාවේ පැමිණි අසංක ප්‍රියදර්ශන ප්‍රනාන්දු නැමැති අයට පිහියකින් කොටා බරපතළ තුවල සිදුකිරීම යන චෝදනාව යටතේ පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් රැඳවියන් අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර පසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පුලස්තිගම පොලිසියේ නිලධාරියකු සඳහන් කළේය.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment