ප්‍රංශ පවුලක් හබරණදී අනතුරක මව පියා හා පුතාට තුවාල

103

දඹුල්ල – හබරණ පාරේ පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (04දා) පෙරවරුවේ බස්රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන් කළ ප්‍රංශ ජාතික පවුලක මව, පියා හා පිරිමි දරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු පුද්ගලික බස් රථයක් අධික වේගයෙන් ධාවනය කර ඇති අතර එම බස්රථය වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ වැදී මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු කිහිප දෙනකු ද තුවාල ලබා ඇත.

බස්රථය මාර්ගය හරහා නැවතී තිබීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද අවහිර වී තිබුණු අතර අනතුරට පත් මෝටර් රථය ඒ අසල තිබුණු වෙළෙඳසලකට කඩාවැදීම නිසා එම වෙළෙඳසලට ද හානි සිදුවී තිබිණි. මෙම අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරා පොලිසියට භාරවී ඇති අතර දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment