කෝප් සභාපති රෝහිතගේ වත්කම් කියන්න – පුරවැසි බලයෙන් පැමිණිල්ලක්

330

හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන මහතාගේ වත්කම් බැරකම් විගණනය කර ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නීති විරෝධී මූල්‍ය වත්කම් කොට්ඨාසය වෙත ඊයේ (19 දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

1997 දී ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ලෙස තේරීපත්ව මේ දක්වා විවිධ තනතුරු හොබවා ඇති රෝහිත අබේගුණවර්ධන මහතා එමගින් අයථා ලෙස දේපළ උපයාගෙන තිබේ නම් ඔහුට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද එම සංවිධානය සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

එසේම රෝහිත අබේගුණවර්ධන මහතාගේ පෞද්ගලික ගිණුම්, ඔහුගේ සමීපතමයන්ගේ ගිණුම් සහ ඥාතීන්ගේ ගිණුම් මෙන්ම ඒ හරහා සිදුවූ මූල්‍ය ගනුදෙනු පිළිබඳව ද විගණනයක් සිදු කරන ලෙස සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බව ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා ‘දිවයින’ට පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment