නොරොච්චෝලේ යන්ත්‍ර තුනම දිව්වොත් ගල්අඟුරු මාසෙන් ඉවරයි

141

ඉංජිනේරුවෝ කියති

නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කරනු ලැබුවහොත් දැනට ගල්අඟුරු සංචිත පවතින්නේ මේ මාසය අවසානය තෙක් පමණක් යැයි එහි ඉංජිනේරුවරු පවසති.

දැනට බලාගාරයේ යන්ත්‍ර 02ක් ක්‍රියාත්මක කර එහි නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක්කර තිබේ. අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තිබූ තෙවැනි යන්ත්‍රයේ අලුත්වැඩිය කටයුතු අවසන් අදියරේ පවතින බවත් එය මේ සතියේ දී අවසන් කර ලබන සතිය මුල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුහු පවසති.

එළැඹෙන අප්‍රේල් 15 වැනිදා පෙර (වාරකන් කාලයට පෙර) ගල්අඟුරු නැව් 38ක් ගෙන්වා ගැනීමට නියමිත වුවත් ඉන් පැමිණ ඇත්තේ නැව් 04 ක් බවත් ඔවුහු පවසති. බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග ඉදිරියට ලැබීමට නියමිත බවත් ඊයේ (30 දා) වනවිට ගල්අඟුරු සංචිත පවතින්නේ මේ මාසය අවසානය තෙක් පමණක් බවත් ඔවුහු පවසති.

නොරොච්චෝල බලාගාරය තුළත් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ සපුරාලය.ි බලාගාරය අක්‍රිය වුවහොත් විදුලි කප්පාදු පැය දහය දොළහටත් වැඩිවිය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment