රට ඉන්න මහ කුඩ්ඩෝ ‘යුක්තියට’ මඩ ගසති

589

රට පුරා ක්‍රියාත්මක කර තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීමේ ‘යුක්තිය’ මෙහෙයුම අඩපණ කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් දැවැන්ත මඩ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

රුපියල් කෝටි ගණන් මුදල් වැය කරමින් විවිධ සමාජ ජාලා වෙබ් අඩවි, යූටියුබ් නාලිකා ඇතුළු ඇතැම් මාධ්‍ය යොදාගනිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ප්‍රචාරක කටයුතු ජයටම කරගෙන යන බවට තොරතුරු ලැබී තිබේ.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වීමෙන් පසු සිය ව්‍යාපාර අඩපණ වන නිසා මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යුක්තිය මෙහෙයුම නතර කිරීමට මෙම මඩ ප්‍රචාරක ව්‍යාපාරය කරගෙන යන බව වාර්තා වෙයි.

මෙම ප්‍රචාරයන් සඳහා ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන්, ඇතැම් නීතිඥයන්, සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම ඇතැම් මාධ්‍යවේදීන් පවා මෙම මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් යොදාගෙන ඇත.

මෙම මඩ ප්‍රචාරය සම්පූර්ණයෙන්ම පාලනය කෙරෙන්නේ ඩුබායි රාජ්‍යයේ සිට බවද බුද්ධි අංශ මේ වන විටත් අනාවරණය කරගෙන ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment