මුහුදට ආසා කළ තමාෂා කාටත් නොකියා යන්නම ගිහින්……..

232

අවුරුදු දෙකයි මාස තුනක් වයසැති තමාෂා රොෂෙලි දුව දඟකාරය. දුව පැන ඇවිදින වයසේය. ඇයගේ මුව රැුඳි සිනාවෙන් කාගේත් සිත් ගත්තේ නිරායාසයෙනි. කෙළිදෙලෙන් කාලය ගත කරන ඇය නිරන්තරයෙන් මුහුද දෙසට යෑමට උත්සාහ කළාය. දෙමව්පියන්ටද මුහුදට රැුගෙන යන ලෙස නිරන්තරයෙන් ඇය ඇවිටිලි කළාය. එහෙත් දෙමාපියන් ඇය කෙරෙහි තිබෙන්නා වූ අසීමිත ආදරය හේතුවෙන් ඊට ඉඩ හසර ලබා නොදුන්නේය. නිවස පිටුපස දැල් ආවරණයක් ඉදිකිරීමට ඔවුන් කටයුතු කළේද ඇයගේ මුහුදට යන ගමන වැළැක්වීමටය.

ඉකුත් 18 වෙනි දින සවස තුනයි තිහට පමණ නිල්පාට ඩෙනිම් කොට කලිසමක් සහ සුදු පාට ටී ෂර්ට් එකකින් සැරසී සිටි තමාෂා වෙනදා මෙන් සුපුරුදු පරිදි නිවස තුළ සහ ගෙමිදුලේ දුවපැන ඇවිද සෙල්ලම් කළාය. රංජිත් සිය ගම් ප‍්‍රදේශය වන අම්බලන්ගොඩින් එදින උදේ රැුගෙන ආ දර තොගයක් මැස්සට දැමීමට සකස් කරමින් සිටියේය. එම අවස්ථාවේ බිරිඳ ද ඊට සහය ලබා දීමට කටයුතු කළාය. දෙදෙනාම වැඩ කටයුතු කරන අතරතුර දියණිය කෙරෙහි දෑස් යොමු කිරීමට ඔවුන් අමතක නොකළේය. ක‍්‍රමයෙන් කාලය ගතවෙද්දී කාර්යබහුලවීම නිසා සුළු මොහොතකට දියණිය කෙරෙහි තිබූ අවධානය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

කඩිමුඩියේ ඔවුනගේ වැඩ අවසන් වී දියණිය පෙනෙන්නට නොමැති හෙයින් ඇය සොයන්නට විය. නිවස තුළත් ගෙමිදුලේත් නොමැති හෙයින් ඔවුන් දිව ගියේ මුහුද දෙසටය. දැල්වලින් අසුරා තිබුණද එක් තැනකින් දියණිය යටින් රිංගා ඇති බවක් ඔවුනට හැඟුනේ වැලි සහිත ස්ථානයේ ඇති සළකුණු නිසාය. ඔවුන් තවදුරටත් විපරම් කර බැලීය. ඇයගේ සෙරෙප්පු දෙක වැලිතලාවේ දක්නට විය. ඔවුන්ට අදහාගගත නොහැකි විය. වෙරළෙහි රැුඳී සිටි කාන්තාවක් තමාගේ දියණියගේ වයසේ දැරියක් සහ තවත් දරුවකු සමග නිසොල්මන්ව බලා සිටිනු දැක ඒ ආසන්නයට ගිය මව ඇයගෙන් දියණිය සම්බන්ධයෙන් විමසුවාය. ඇය සුළු වේලාවක් නිහඬ වී ඉතා කලබලයෙන් උත්තර දෙන්නට විය.

‘‘මම දැක්කා පොඩි ළමයෙක් මූදෙ ගසාගෙන යනවා. හරියට අපේ දුව වගේ. මට හිතාගන්න බැරුව ගියා. අඩු ගානෙ’’ ඇය කීවාය.

අනතුරුව නාවුක හමුදාවේ කිමිදුම්කරුවන් මෙන්ම ප‍්‍රදේශයේ ධීවර ජනතාව ද අතුරුදන් වූ දියණිය සොයා මෙහෙයුම් සිදු කිරීමට උත්සාහ කළද මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් එම උත්සාහය අසාර්ථක විය. දින කීපයක් තිස්සේ හඬා වැළපෙන දෙමාපියන් අතුරුදන් වූ දියණිය ගැන සොයා බැලූවද කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි විය. අනතුරුව මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් මුහුණු පොතේ ඇයගේ ඡුායාරූප සහිතව සටහන් තැබීමට ඔවුන් කටයුතු කළේය.

දින හතරකට පසු එනම් 22 වෙනි දින හලාවත අඹකඳවිල ප‍්‍රදේශයේ දියණියගේ මව වන චලනිගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේ කුඩා දරුවෙකුගේ සිරුරක් ගොඩ ගසා ඇති බවය. පණිවිඩයේ ලද සැණින් ඔවුන් එම ස්ථානයට යෑමට කටයුතු කළේය. වෙරළට ගොඩගසා ඇති දැරියගේ ඇඳ සිටි ඩෙනිම් කලිසම සිරුරේ නොතිබුණු අතර ඇඳ සිටි සුදු පැහැති ටී ෂර්ටය පමණක් දක්නට තිබිණි. සිරුර හඳුනා ගැනීමට නොහැකි තරම් සිරුරේ ඇතැම් අවයව කොටස් දක්නට නොලැබිණි.

අමරනන්ද විජේසේකර – මහවැව

 

advertistmentadvertistment
advertistmentadvertistment