කුපියා’ට වෙඩි තබා පොලිසියට කට්ටි පැන්න දෙදෙනා අල්ලයි

250

අවස්ථා දෙකකදී සුජිත් නොහොත් කුපියා නමැත්තාට ගිණි අවියකින් වෙඩි තබා බරපතළ තුවාල සිදුකොට මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් ප‍්‍රදේශයෙන් පලාගොස් පොලිසියට කට්ටිපනිමින් සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත්සැකකරුවන් සන්තකයේ තිබී මෙකී අපරාධය සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත බෝර 12 ගිණි අවියක් හා කඩුවක් පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී එක් සැකකරුවකුගේ නිවසේ පිටුපස පොල් ගසක් යට සඟවා තිබියදී බෝර 12 තුවක්කුව සොයාගෙන ඇති අතර යකඩ පාළමක් යට සඟවා තිබී කඩුව සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 හා 27 වැනි වියේ පසුවන අය වන අතර ඔවුන් රේජ්ජිපුර හා ගලතොට යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙකී සැකකරුවන් දෙදෙනා පොලිසියට කටිටි පනමින් මාස ගණනාවක් තිස්සේ සැඟවී සිටියදී පොලිසියට කොටුවී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (27 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. රත්ගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති, පී. එල්. ජී. පුෂ්පකුමාර, උ. පො. ප. ජයසිංහ, පො. සැ. (13413) ප‍්‍රියන්ත, පො. කො. (36132) පේ‍්‍රමරත්න යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment