ඔලිම්පික් පුවත් – පාපන්දු, තුරඟ තරග, වෙඩි තැබීම සහ සොෆ්ට් බෝල් ඉසව් අද ඇරඹේ

151

ටෝකියෝ ඔලිම්පික් උළෙල අනිද්දා (23 වැනිදා) ආරම්භ වීමට නියමිත වුවද පාපන්දු, තුරඟ තරග, වෙඩි තැබීම සහ සොෆ්ට් බෝල් ඇතුළු තරග ඉසව් කිහිපයක් අද (23 දා) ආරම්භ වේ.

 කාන්තා පාපන්දු තරග සඳහා පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින රටවල් 12 ක් සහභාගි වන අතර සොෆ්ට් බෝල් තරගවල පළමු තරගය ලෙස ජපානය සහ ඔස්ටේ‍්‍රලියාව තරග වැදීමට නියමිතය.

 තවත් සොෆ්ට් බෝල් තරග දෙකක් අද (21 දා) පැවැත්වීමට නියමිත අතර මෙහි මූලික වටයේ තරග 15 ක් පැවැත්වේ.

 සොෆ්ට් බෝල්, පාපන්දු, තුරඟ තරග, වෙඩි තැබීමේ ඇතුළු තරග ඉසව් කී‍්‍රඩා උළෙලේ අවසන් දින කිහිපය පුරාම කි‍්‍රයාත්මක වීමට නියමිතය.

තවත් කොරෝනා ආසාදිතයෙක්

 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට පැමිණ සිටි චෙක් ජනරජයේ බීච් වොලිබෝල් කණ්ඩායමේ ක‍්‍රීඩකයකු හට ද කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 චෙක් ජනරජ ඔලිම්පික් කමිටුව විසින්ද ඒ බව තහවුරු කර ඇති අතර මේ හේතුවෙන් ඔහුට ලබන 26 වැනිදා පැවැත්වෙන තරගය අහිමි වනු ඇත.

 අදාළ ක‍්‍රීඩකයා ඔලිම්පික් ගම්මානය තුළින් වාර්තා වූ තෙවැනි කොරෝනා ආසාදිතයා වන අතර මීට පෙර දකුණු අපි‍්‍රකා පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයන් දෙදෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment