සිනර් හා සබලෙන්කා මෙම වසරේ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයෝ වෙති

131

ඉතාලි ජාතික ටෙනිස් ක්‍රීඩක ජැනික් සිනර් හා බෙලරුස් ජාතික ක්‍රීඩිකා අර්යානා සබලෙන්කා මෙම වසරේ පැවති ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතා තරඟාවලිය වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරඟාවලියේ පිරිමි හා කාන්තා කේවල ශූරතාවන් දිනා ගැනීමට සමත්ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ඉකුත් සති අන්තයේ පැවති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරඟාවලියේ පිරිමි කේවල අවසන් තරඟයේදී රුසියානු ක්‍රීඩක ඩැනිල් මෙඩ්වඩෙව් 3-6, 3-6, 6-4, 6-4 හා 6-3 වශයෙන් වට 3-2කින් පරාජය කරමින් 22 හැවිරිදි ඉතාලි ජාතික ක්‍රීඩක ජැනික් සිනර් ශූරතාවය දිනාගෙන ඇති අතර සිනර් තරඟයේ මුල් තරඟ වට දෙක පරාජය වීමෙන් පසු ඉතිරි තරඟ වට තුනම එක දිගට ජයග්‍රහණය කරමින් කේවල ශූරතාවය දිනාගැනීම විශේෂ ලක්ෂණයකි. මෙම ජයත් සමගම සිනර් 1976 වසරෙන් පසු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා තරඟාවලියක් ජයගත් ප්‍රථම ඉතාලි ටෙනිස් ක්‍රීඩකයා බවට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියානු විවෘත කාන්තා කේවල ශූරතාවය දිනු 25 හැවිරිදි බෙලරුස් ක්‍රීඩිකා අර්යානා සබලෙන්කා අවසන් තරඟයේදී චීන ක්‍රීඩිකා සෙන් ක්වින්වෙන් 6-3 හා 6-2 වශයෙන් පරාජය කරමින් පෙර වසරේ ඇය විසින් දිනූ ටෙනිස් ශුරතාවය නැවත වරක් තමන් සතු කරගැනීමට සමත් වූවාය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment