මාවනැල්ලේ ගින්නකින් වෙළෙඳසල් තිහක් අලු වෙයි

50

මාවනැල්ල නගරයේ 28 දින රාත්‍රී ඇති වූ ගිනි ගැනීමකින් වෙළඳසැල් තිහක් පමණ ගිනි ගෙන විනාශ වී ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි. බස් නැවතුම්පොල ආසන්යේ ඇති යාබද වෙළඳසැල් පෙළක් මෙසේ ගින්නෙන් සම්පුර්ණයෙන් විනාශ වී තිබේ. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකය, මාවනැල්ල පොලිසියේ නිලධාරීන් හා අසල්වැසියන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙන අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර නොගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ මාවනැල්ල පොලිසිය පවත්වයි.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය, ජයන්ත සේනානායක – මාවනැල්ල

advertistmentadvertistment
advertistmentadvertistment