කොන්ක්‍රීට් කණුවක් හිසට වැටී දස හැවිරිදි දරුවෙකු මරුට

330

දොඹගහවෙල පොලිස් වසමට අයත් මහරාව හංදිය අසල නිවසක වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසමතට වැටී දසහැවිරිදි පාසල් දරුවෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට රිදීගම පදිංචි 05 වසරේ ඉගෙනුම ලබන එම්.ඒ වෙනුර චින්තක (10) නැමති පාසල් ශිෂ්‍යයෙකි.

මෙම ළමයා සිය පියා සමඟ පියාගේ ගම වන දොඹගහවෙල ඌරුගොඩ ගම්මානයට පැමිණ ඇති අතර ළමයා මහරාව හංදිය ප්‍රදේශයේ පදිංචි ළමයාගේ නැන්දාගේ නිවසේ නතරකොට පියා අසල පිහිටි ගරාජයකට ගොස් ඇත.

නැන්දා ළමයා සමඟ මල්වර මංගල්‍යයක් පවතින ගමේ ඥාති නිවසකට ගොස් ඇත්තේ උදව්කිරීම සඳහාය.
ළමයා එම නිවසේ වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක් අතර ඔන්චිල්ලාවක් ආකාරයෙන් බැඳි තංගුස් දැලක වාඩිවී තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ එය පදිමින් සිටියදී එකවරම එක් කොන්ක්‍රීට් කණුවක් ගැලවී දරුවාගේ හිස මතට වැටී තිබේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment